ඩුබායි රැකියා සඳහා යාමට තැත් කළ කාන්තාවන් පිරිසකට සිදු වූ අකරතැබ්බ.

Report

ඩුබායි රාජ්‍යයේ රැකියා සදහා යාමට උත්සාහ කළ කාන්තාවන් 06 දෙනෙකු යළි හරවා යැවීමට කටුනායක ගුවන්තොටුපලේ ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන නිලධාරින් කටයුතු කර තිබෙනවා.

එහිදී මොවුන් සංචාරක වීසා භාවිත කරමින් නීතිවිරෝධී ලෙස විදේශගත කිරීමට උත්සාහ කළ මාතර - වෙලේගොඩ පදිංචි පුද්ගලයෙකු සහ මිහින්තලය අශෝකපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් අද (14) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළ බවයි වාර්තා වන්නේ.