අඩි 45ක් යට මිණිරන් පතලකට වැටුණු කාන්තාවකට සිදුවුණු දේ..

By Sithumi Feb 19, 2022 11:13 AM GMT
Sithumi

Sithumi

Report

ගාල්ල - බද්දේගම අම්පේගම ප්‍රදේශයේ කාන්තාවක් අඩි 45ක පමණ අත්හැර දමා තිබූ මිනිරන් පතලකට වැටී තිබෙනවා. අද පෙරවරුවේ මෙම සිද්ධිය බද්දේගම පොලීසියට වාර්තා වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

කැලෑබද ප්‍රදේශයකින් කාන්තාවකගේ කෙදිරිලි හඬක් ඇසීම හේතුවෙන් ප්‍රදේශවාසීන් පිරිසක් ඒ පිලිබඳව පොලීසිය දැනුවත් කර තිබෙනවා. 

වහා ක්‍රියාත්මක වූ බද්දේගම පොලීසිය ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව අදාළ පතල තුල සිරවී සිටි කාන්තාව මුදා ගෙන රෝහල් ගත කර ඇති බව සඳහන්. 50 හැවිරිදි එම කාන්තාව මේ වනවිට ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now