ජනාධිපති ලේකම් කාර්යාලය ළඟදී මනෝ ගනේෂන්ගේ ජීප් රථය අනතුරක: බීමතින් රිය පැදවීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහරියි

Report

බීමතින් රිය පදවා රිය අනතුරක් සිදුකිරීමේ චෝදනාව මත කොළඹ නාගරික රථවාහන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පොලිස් ඇප මත මුදාහැර තිබේ.

දීපාවලී උත්සවය යෙදී තිබූ පසුගිය නොවැම්බර් 08 වැනිදා රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇත. මන්ත්‍රීවරයා විසින් පදවාගෙන ගිය ලෑන්ඩ් කෘෂර් වර්ගයේ ජීප් රථය තවත් ජීප් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

අනතුරින් ජීප් රථ දෙකටම අලාභහානි සිදුව ඇති නමුත් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා පසුව පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, ඔහුට එරෙහිව කොළඹ රථවාහන අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව ද පොලිසිය සඳහන් කර ඇත.

අද සිදු වූ අවාසනාවන්ත සිදුවීම - බස් රථ තුනටම දැඩි හානි සිදු කරමින් මගීන් රෝහල්ගත කළ මැදවච්චියේ අනතුර

අද සිදු වූ අවාසනාවන්ත සිදුවීම - බස් රථ තුනටම දැඩි හානි සිදු කරමින් මගීන් රෝහල්ගත කළ මැදවච්චියේ අනතුර