දිවා අහාරයට තරගය නතර කරද්දී පාකිස්තානය ප්රබල තැනක - කඩුලු 6ක් දැවී ලකුණු 390යි
ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවැනි දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්රීඩා කරන පාකිස්තාන කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 390ක් රැස් කරගෙන සිටියා.
රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළ ශ්රී ලංකා කණ්ඩායමට පාකිස්තාන පිතිකරුවන් පාලනය කිරීම පහසු වී නොමැත.
ඒ අනුව පාකිස්තානය මේ වන විට පන්දුවාර 99ක් අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 390ක් ලබා සිටිනවා.
පාකිස්තාන ඉනිමේ කැපී පෙනෙන පිතිකරණයක නිරත වූ සෞද් ශකීල් නොදැවී ලකුණු 91ක් ලබා සිටින අතර, අරෆත් මිනාස් නොදැවී ලකුණු 27ක් ලබා කඩුල්ලේ රැඳී සිටිනවා.
පළවෙනි දවසෙම පාකිස්ථානය රාවල්පින්ඩිහි පිටිය දෙවනක් කරයි - රසිකයන් පිස්සු වට්ටන ප්රබල දස්කම් රැසක් මැද ලකුණු 281ක්
මීට අමතරව ටයියාබ් අරිෆ් ලකුණු 57ක්, මොහොමඩ් ටහා ලකුණු 51ක් සහ බාබර් අසාම් ලකුණු 50ක් රැස් කළා. ශ්රී ලංකා පන්දු යවන්නන් අතරින් අසිත ප්රනාන්දු කඩුලු 2ක් දවාගෙන ඇති අතර, මිලාන් රත්නායක එක් කඩුල්ලක් දවාගෙන තිබෙනවා.
පළමු දිනයේ සිටම පිතිකරණයෙන් ඉදිරියෙන් සිටින පාකිස්තානය දෙවැනි දිනයේ උදෑසන සැසියේදී පමණක් ලකුණු 109ක් එක් කර ගැනීමට සමත් වුණා.
ඒ අනුව දෙවැනි සැසියේදී තවත් ලකුණු රැස් කරමින් ශ්රී ලංකාවට ප්රබල අභියෝගයක් එල්ල කිරීම පාකිස්තාන කණ්ඩායමේ අරමුණ වී තිබෙනවා.