අධික වර්ෂාවෙන් අපදා අවදානම ඉහළට - ජනතාවට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් විශේෂ දැනුම්දීමක්

Report

දිවයිනට බලපා ඇති අධික වර්ෂාපතන තත්ත්වය හේතුවෙන් නායයෑම්, ගංවතුර ඇතුළු ස්වාභාවික ආපදා අවදානම් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවට දැනුම් දෙයි.

ආපදා තත්ත්වයන් හේතුවෙන් සිදුවිය හැකි ජීවිත හානි සහ දේපළ හානි අවම කර ගැනීම සඳහා නිල අනතුරු ඇඟවීම් පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, හදිසි අවස්ථාවකට මුහුණ දීමට සූදානම්ව සිටින ලෙසත් එම ආයතනය අවධාරණය කරයි.

ඒ අනුව, ජනතාව අනුගමනය කළ යුතු ආරක්ෂක පියවර කිහිපයක් දැනුම් දී තිබේ. ඒ අතර හදිසි අවස්ථාවකදී අවශ්‍ය වන ඖෂධ, වැදගත් ලියකියවිලි, වියළි ආහාර සහ ප්‍රථමාධාර ඇතුළත් හදිසි බෑගයක් සූදානම් කර තබා ගැනීම ප්‍රධාන වේ.

රටේ ඉන්ධන ගැටලුවක් මතුවෙයිද? ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විරෝධතාවයක

රටේ ඉන්ධන ගැටලුවක් මතුවෙයිද? ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විරෝධතාවයක

එමෙන්ම පවුලේ සියලු සාමාජිකයන් සහ අසල්වැසියන් ආරක්ෂක ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කරන නිල නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවීමත් වැදගත් බව පෙන්වා දෙයි.

නායයෑම් අවදානම් පවතින ප්‍රදේශවල ජනතාව පොළොවේ පැලීම්, ජල මට්ටම්වල හදිසි වෙනස්වීම්, ගස් කඩා වැටීම් සහ මඩ සහිත ජලය කාන්දු වීම වැනි නායයෑම් පූර්ව ලක්ෂණ පිළිබඳව විමසිලිමත් විය යුතුය.

යම් අවදානම් තත්ත්වයක් හඳුනාගතහොත් කිසිදු ප්‍රමාදයකින් තොරව ආරක්ෂිත ස්ථානයක් වෙත ඉවත් වන ලෙස ද ජනතාවට උපදෙස් දී තිබේ.

තමන්ගේත්, තම ආදරණීයයන්ගේත් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ උපරිම වගකීමෙන් සහ සංයමයෙන් කටයුතු කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් ජනතාවට මතක් කර සිටී.

සති අන්තයේ කාලගුණය කැළඹෙයි - දිවයිනට බලපෑම් කළ හැකි අඩුපීඩන කලාපයක් ගැන විශේෂ අනතුරු ඇඟවීමක්

සති අන්තයේ කාලගුණය කැළඹෙයි - දිවයිනට බලපෑම් කළ හැකි අඩුපීඩන කලාපයක් ගැන විශේෂ අනතුරු ඇඟවීමක්