ගම්පහ ඔස්මන් ගැන අධිකරණයේදී හෙළි වූ අලුත්ම තොරතුර - නීතිපතිවරයාගෙන් දැනුම්දීමක් මෙන්න
ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් 'ගම්පහ ඔස්මන්' සම්බන්ධයෙන් තවදුරටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කටයුතු කරන්නේද යන්න පිළිබඳ තීරණය විමර්ශන අවසන් වූ පසු ගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් රඳවා තබා ගැනීමට එරෙහිව ගම්පහ ඔස්මන් විසින් ගොනු කරනු ලැබූ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිස්නා වර්ණකුල මහත්මිය අධිකරණයට සඳහන් කළේ අදාළ විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් ක්‍රියාමාර්ග ගන්නේද යන්න තීරණය කරන බවයි.
මහේන් ගොපල්ලව සහ අන්නලිංගම් ප්‍රේම්ශංකර් යන අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවා තිබුණා.