සරණගේ පෙත්සමක් විභාගයට ගන්න දින තීන්දු කරයි - අල්ලස් කොමිසමෙන් අධිකරණයට කරුණු

Report

දැනට සිරදඬුවම් විඳිමින් සිටින හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහි දූෂණ චෝදනා ඇතුළත් නඩුවකින් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය ලබාදුන් තීරණයට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා.

ඒ අනුව අදාළ පෙත්සම ලබන වසරේ පෙබරවාරි මස 10 වැනිදා විභාගයට ගැනීමට නියමිතයි.

මෙම පෙත්සම අද (10) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.

සති අන්තයේ කාලගුණය කැළඹෙයි - දිවයිනට බලපෑම් කළ හැකි අඩුපීඩන කලාපයක් ගැන විශේෂ අනතුරු ඇඟවීමක්

සති අන්තයේ කාලගුණය කැළඹෙයි - දිවයිනට බලපෑම් කළ හැකි අඩුපීඩන කලාපයක් ගැන විශේෂ අනතුරු ඇඟවීමක්

එම අවස්ථාවේදී බන්ධනාගාරගතව සිටින සරණ ගුණවර්ධන මහතා සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණා.

දෙපාර්ශ්වයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා පෙබරවාරි 10 වැනිදා කැඳවීමට නියෝග කළා.

හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවකින් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය මීට පෙර නියෝග කර තිබුණා. එම තීරණය අභියෝගයට ලක් කරමින් අල්ලස් කොමිසම විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.

අද සිදු වූ අවාසනාවන්ත සිදුවීම - බස් රථ තුනටම දැඩි හානි සිදු කරමින් මගීන් රෝහල්ගත කළ මැදවච්චියේ අනතුර

අද සිදු වූ අවාසනාවන්ත සිදුවීම - බස් රථ තුනටම දැඩි හානි සිදු කරමින් මගීන් රෝහල්ගත කළ මැදවච්චියේ අනතුර