රටේ ඉන්ධන ගැටලුවක් මතුවෙයිද? ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විරෝධතාවයක
අද (10) පෙරවරුවේ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විසින් ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් සංවිධාන කර තිබුණි.
පෞද්ගලික ආයතනවලට අයත් ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන සැපයීම අඛණ්ඩව ලබා දෙන ලෙස එහිදී ඔවුන් ඉල්ලා සිටියේය.
ඉන්ධන භාවිතා කරන්නන්ට සුභ ආරංචියක් - ඉන්ධන මිල ගැටලුව හා තෙල් සැපයුම්කරුවන්ගේ ගැටලු විසඳීමේ සූදානමක්
මීට අමතරව සියයට 3.6ක්ව පැවති කොමිස් මුදල සියයට 1.5ක් දක්වා අඩු කිරීමට ඛනිජ තෙල් බෙදුම්කරුවෝ සිය විරෝධය පළ කළහ.
ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ ඉන්ධන මිල සූත්‍රය නියාමනය කිරීම සඳහා නිසි බලධාරියෙකු පත් කරන ලෙසටයි. මෙම නිහඬ විරෝධතාව සංවිධාන කර තිබුණේ, පෞද්ගලික ආයතන තුනට අයත් බෙදුම්කරුවන්ගේ සංගමයේ සාමාජිකයන් විසිනි.
