හිතද්දිත් අප්පිරියයි කාන්තාවක් කොන්දේ අමාරුවට පණපිටින්ම ගෙම්බන් 08ක් ගිලලා
කොන්දේ වේදනාවට ප්‍රතිකාරයක් වශයෙන් පණපිටින් කුඩා ගෙම්බන් 08 දෙනෙකු ගිල දැමීමෙන් පසුව චීනයේ නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක, දරුණු පරපෝෂිත ආසාදනයකට ගොදුරු වී රෝහල්ගත කිරීමේ සිද්ධියක් වාර්තා වේ.
82 හැවිරිදි ෂැං නමැති කාන්තාවක් වන ඇය දිගු කලක් තිස්සේ කොන්දේ වේදනාවකින් පීඩා විඳි තිබෙනවා.
පණපිටින් ගෙම්බන් ගිල දැමීමෙන් මෙම වේදනාව සමනය කර ගත හැකි බවට වූ ජනප්‍රවාදයේ එන ප්‍රතිකාර යැයි කියනු ලබන ක්‍රමයක් විශ්වාස කර මෙය සිදු කර ඇත.
ඒ අනුව ඇය තම අපේක්ෂාව පවුලේ අයට නොදන්වා, වැඩිහිටි අත්ලකට වඩා කුඩා ගෙම්බන් තුන් දෙනෙකු පළමු දිනයේදී ද ඉතිරි පස් දෙනා ඊළඟ දිනයේදී ද පිසීමෙන් තොරව මෙසේ පණපිටින් ගිල දමා ඇත.
එහිදී ඇයට මුලදී උදරයේ යම් අපහසුතාවයක් දැනුණු අතර දින කිහිපයක් තුළ එම වේදනාව තීව්‍ර වූ බව එරට වාර්තාවල සඳහන්.
පසුව වේදනාව උත්සන්න වීම නිසා ඇයට ඇවිදීමට නොහැකි තත්ත්වයට පත්වීමෙන් පසුව ෂැං තමා ගෙම්බන් ගිල දැමූ බව පවුලේ අයට හෙළි කර තිබෙනවා.
ඒ අනුව දරුණු උදර වේදනාව නිසා සැප්තැම්බර් මස මුලදී ඇය ෂෙජියැං විශ්වවිද්‍යාලයට අනුබද්ධ රෝහලට ඇතුළත් කර ඇත.
එසේම වෛද්‍යවරුන් විසින් ගැටිත්තක් උදරෙයේ ඇති බවට අනුමාන කර නැතත් පරපෝෂිත ආසාදන සහ රුධිර ආබාධ වැනි විවිධ රෝග පෙන්නුම් කරන ඔක්සිෆිල් සෛල අසාමාන්‍ය ආකාරයට වැඩි වී ඇති බවට සොයා ගෙන ඇත.
එමෙන්ම වැඩිදුර පරීක්ෂණවලින් ෂැංගේ සිරුරට ස්පාර්ගනම් ඇතුළු පරපෝෂිතයන් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
රෝහලේ වෛද්‍යවරයෙක් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ ගෙම්බන් ගිල දැමීම රෝගියාගේ ජීර්ණ පද්ධතියට හානි කර ඇති බවයි.
මේ අතර සති දෙකක ප්‍රතිකාරයකින් අනතුරුව ෂැං රෝහලෙන් පිටව ගොස් ඇත. එසේම හැංෂෝ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු වනවු-ෂොංවෙන් උපුටා දක්වමින් වාර්තා සඳහන් කරන්නේ ෂැංගේ සිද්ධිය වැනි අවස්ථා මෑත වසරවලදී කිහිපයක් ලැබී ඇති නිසා ඒවා දුලභ නොවන බවයි.
ඒ අනුව ගෙම්බන් ගිල දැමීමට අමතරව, ඇතමුන් අමු සර්ප පිත්තාශය හෝ මාළු පිත්තාශය පරිභෝජනය කරන බවත්, තවත් අය ගෙම්බන්ගේ සම තමන්ගේම සමට ආලේප කිරීම වැනි සිරුරට අහිතකර ප්‍රතිකාර යැයි සිතන දේවල් කරන බවත් ඔහු පවසයි.
තවද මෙම රෝගීන්ගෙන් බොහෝ දෙනෙක් වැඩිහිටියන් බවත් ඔවුන්ගේ තත්ත්වය දරුණු වූ විට පමණක් රෝහල් ප්‍රතිකාර සොයා එන බවත් ඔහු කියයි.
කෙසේ වුවද මෙවැනි ක්‍රියා මඟින් පරපෝෂිතයන් ශරීරයට ඇතුළු වීමට ඉඩ සලසන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් දෘශ්‍යාබාධ, අභ්‍යන්තර කපාල ආසාදන, සහජීවිතයට තර්ජනයක් වන තත්ත්වයන් පවා ඇති විය හැකි බව ඔහු දක්වයි.
චීනයේ සමාජ මාධ්‍ය හරහා මෙවැනි විකාර සහගත විද්‍යාත්මක නොවන ප්‍රතිකාර ක්‍රම බහුලව සංසරණය වන බවද සඳහන්.