වාර තුනක්ම පොරොන්දු කඩ කර හතර වෙනි වතාවෙත් ඒ වැරැද්දටම හසුවෙලා..

Sri Lanka Police Jaffna Sri Lanka
By Piyumika Aug 08, 2024 08:54 AM GMT
Piyumika

Piyumika

Report

ජූලි මාසය ඇතුළතදී කසිප්පු පෙරා වාර තුනක්ම අධිකරණය හමුවට ඉදිරිපත් කළ යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේ වයස අවුරුදු 53ක කාන්තාවක් හතරවන වතාවටත් 7වැනිදා යළිත් පොලිස් නිලධාරීන්ට කොටු වී තිබේ .

නිදිමත වැඩිවෙලා වහලෙත් පාර වගේ දැකලා..

නිදිමත වැඩිවෙලා වහලෙත් පාර වගේ දැකලා..

චුන්නාකම් පොලීසියේ නිලධාරීන් විසින් සිදු කළ මෙහෙයුමකදී කසිප්පු බෝතල් 12ක් හා ගෝඩා ලීටර් 80ක් සමග ඇය මෙවර කොටු වී ඇති බවයි වාර්තා වනුයේ මෙහෙයුම සදහා ගිය පොලිස් නිලධාරීන්ට එම කාන්තාව නිවසට ආසන්න ස්ථානයක කසිප්පු පෙරමින් සිටියදී හසු වී තිබේ .

පස් දෙනෙකුට දිවි අහිමි කල බිහිසුණු ගුවන් අනතුර..(VIDEO)

පස් දෙනෙකුට දිවි අහිමි කල බිහිසුණු ගුවන් අනතුර..(VIDEO)

මීට පෙර අවස්ථා තුනකදී චුන්නාකම් පොලීසියටම කොටු වූ මේ කාන්තාව මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දඩ මුදල් ගෙවා යළි කසිප්පු නොපෙරණ බවට අධිකරණයට පොරොන්දු වී නිවසට පැමිණ ඇත.

සිරියාවෙන් ඇසෙන ලාංකිකයකුගේ කඳුළු කතාව..

සිරියාවෙන් ඇසෙන ලාංකිකයකුගේ කඳුළු කතාව..

එහෙත් ඇය යළිත් කසිපු පෙරමින් සිටියදී හතරවන වරටත් පොලීසියට හසු වී ඇති බවයි වාර්තා වෙන්නේ. සැකකාරිය මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට චුන්නාකම් පොලීසිය පියවර ගෙන ඇත.

ReeCha