මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට.

Police spokesman STF Sri Lanka Drugs
By Hashini Oct 22, 2023 05:59 AM GMT
Hashini

Hashini

Report

මාකොළ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කෝටි ගණනක මත්ද්‍රව්‍ය සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා.

අදාළ කාන්තාවට අවුරුදු 43ක් පමණ වන අතර, ඇය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 32ක්, හෙරොයින් ග්‍රෑම් 506ක්, මුදලින් රුපියල් 200,000ක් සහ ජංගම දුරකතනයක් සොයාගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ මෝටර් රථයක් සහ තවත් මෝටර් රථයකට අයත් අංක තහඩු දෙකක් සහ යතුරු පැදියක්ද සැකකාරිය සතුව තිබී සොයාගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන සඳහා ඇය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.


ReeCha