තුර්කියේ දැඩි ළැව් ගිනි හේතුවෙන් 10 දෙනකු මිය යයි

Report

තුර්කියේ මධ්‍යම එස්කිසෙහීර් පළාතේ දැඩි වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් ළැව් ගිනි ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ළැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 10 දෙනකු මියගොස් ඇති බව වාර්තා වේ. ළැව් ගිනිවලට කොටුවී සිටි තුර්කි වැසියන් 24 දෙනකු ගිනි නිවන භටයින්ට බේරා ගැනීමට හැකි වී තිබේ. එසේම, ළැව් ගිනිවලට හසුවී තුවාල ලැබූ ගිනි නිවන භටයින් සහ වනජීවී නිලධාරීන් කිහිප දෙනකු රෝහල්ගත කර ඇති බව තුර්කි කෘෂිකර්ම සහ වනජීවී කටයුතු පිළිබඳ අමාත්‍ය ඊබ්‍රාහිම් යුමාක්ලි පවසයි.

අද ලග්න පලාපල – 2025 ජූලි 24 | අද ඔබට සැළකිල්ල, වාසනාව සහ ජයග්‍රහණය - ලග්න අනුව විශේෂ දවසක්!

අද ලග්න පලාපල – 2025 ජූලි 24 | අද ඔබට සැළකිල්ල, වාසනාව සහ ජයග්‍රහණය - ලග්න අනුව විශේෂ දවසක්!

වියලි සුළං හේතුවෙන් ළැව් ගිනි පාලනය කිරීම අතිශයින් අසීරු වී ඇති බව අමාත්‍ය යුමාක්ලි වැඩිදුරටත් සඳහන් කර ඇත. මෙම ගිනි ව්‍යාප්තියත් සමඟ දහස් ගණනක් ජනතාව ආරක්ෂිත ස්ථානවලට යොමු කර ඇති බවද වාර්තා වේ.

තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් මහතා තම එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ මෙම ළැව් ගිනි සම්බන්ධයෙන් තම කනස්සල්ල පළ කර තිබේ. ඔහු මෙම ව්‍යසනයෙන් බලපෑමට ලක්වූවන් වෙනුවෙන් සහයෝගය පළ කරමින්, ගිනි නිවීමේ කටයුතුවල නිරත වන සියලු දෙනාට ස්තූතිය පිරිනැමීය.

පාසල් වේලාව දිගු කළොත් දරුවන්ගේ සෞඛ්‍යයට තර්ජනයක්

පාසල් වේලාව දිගු කළොත් දරුවන්ගේ සෞඛ්‍යයට තර්ජනයක්

ඔන්න බලාගෙන හිටපු චාන්ස් එක ඇවිත්, දකුණු කොරියාවේ රැකියා අවස්ථා රැසක්

ඔන්න බලාගෙන හිටපු චාන්ස් එක ඇවිත්, දකුණු කොරියාවේ රැකියා අවස්ථා රැසක්