ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය - තරඟ කාල සටහන මෙන්න
By Hashini
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2026 වසරේ සැප්තැම්බර් මස සිදුකිරීමට නියමිත එංගලන්ත තරග සංචාරයේ තරග කාලසටහන අද (24) පස්වරුවේ නිවේදනය කරනු ලැබුවා.
මෙම තරගාවලිය විස්සයි20 තරග 3කින් සහ එක්දින තරග 3කින් සමන්විත බවයි නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කළේ.
තරගාවලිය ආරම්භ කරමින් පළමුව විස්සයි20 තරගාවලිය පැවැත්වෙනවා.
එහි පළමු තරගය 2026 වසරේ සැප්තැම්බර් 15 වනදා සවුත්හැම්ප්ටන් හිදී පැවැත්වීමට නියමිතව ඇත.
සෙසු විස්සයි20 තරග දෙක සැප්තැම්බර් 17 හා 19 දිනවල කාඩිෆ් හා මැන්චෙස්ටර්හිදී පැවැත්වේ.
එමෙන්ම එක්දින තරගාවලිය සැප්තැම්බර් 22, 24 හා 27 දිනවල පිළිවෙළින් ඩර්හැම්, ලීඩ්ස් හා ලන්ඩන් හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
