සඟවාගෙන ආ කෝටි 40ක මත්ද්‍රව්‍ය
රුපියල් කෝටි 40ක පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ජාතිකයෙකු අද (25) අලුයම කටුනායක ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු ‘හරිත මාවත’ (Green Channel) හරහා ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව ඇත.
52 හැවිරිදි කැනඩා ජාතිකයෙකු වන මෙම සැකකරු එරට ඔන්ටාරියෝ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.
ඔහු කැනඩාවේ සිට මත්ද්‍රව්‍ය තොගය රැගෙන, කටාර් රාජ්‍යයේ දෝහා හරහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.
සැකකරුගේ ගමන්මල්ල තුළ හෂීෂ් කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 196ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 298ක් සොයාගෙන ඇති බව රේගු නිලධාරීන් පවසයි.