IMF පස්වන සමාලෝචනය සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලී කොසාක් සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහනේ පස්වන සමාලෝචනය 2025 වසරේ "සරත් සෘතුව" හෙවත් සැප්තැම්බර් සිට නොවැම්බර් අතර කාලය තුළ සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.

අද (24) පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පළ කළේ.

කට වාචාලකමට මිනීමරුවෝ කියලා කියවන් නැතුව ආපු වැඩේ කරන්න, වැඩ බැරි ටාසන්ලාට රට කරන හැටි උගන්නන නාමල් බේබි

කට වාචාලකමට මිනීමරුවෝ කියලා කියවන් නැතුව ආපු වැඩේ කරන්න, වැඩ බැරි ටාසන්ලාට රට කරන හැටි උගන්නන නාමල් බේබි

මෙම ඉදිරි සමාලෝචනය සිව්වන සමාලෝචනයෙන් පසුව පැවැත්වෙනවා.

එම සමාලෝචනය ජූලි 1 වනදා සාර්ථකව අවසන් කිරීමෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 350ක මූල්‍ය ආධාරයක් හිමි වුණා.

ඒ අනුව EFF වැඩසටහන යටතේ මෙතෙක් ශ්‍රී ලංකාවට ලැබී ඇති මුළු IMF ආධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.74ක්. 

එක්වරම වෙනස් වූ රත්තරන් මිල - නව මිල ගණන් මෙන්න

එක්වරම වෙනස් වූ රත්තරන් මිල - නව මිල ගණන් මෙන්න