දෙහිවල වෙඩිතැබීමේ වෙඩික්කරු අද අලුයම STF සමග වෙඩි හුවමාරුවකින් මරුට
STF
Crime
Gun Shooting
Latest Headlines
Sinhala news
By Shehan
දෙහිවල දුම්රිය ස්ථානය ආසන්නයේ ඉකුත් 18 වැනිදා උදෑසන 11ට පමණ තැනැත්තෙකු ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු අද (25) අලුයම STF සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකදී මියගොස් ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකාය අද අලුයම 4:30ට පමණ කහතුඩුව, පාලගම, කැදැල්ඕවිට ප්‍රදේශයේ පිහිටි පාළු නිවසක් පරීක්ෂා කර ඇති අතර, එහි සැඟවී සිටි සැකකරු STF නිලධාරීන් දෙසට වෙඩි තබා ඇත.
ඒ අනුව STF නිලධාරීන්ද සැකකරුට එරෙහිව වෙඩි තබා ඇති අතර, එහිදී තුවාල ලැබූ සැකකරු මියගොස් ඇත.
මෙම සිද්ධියෙන් තුවාල ලැබූ STF නිලධාරියෙකු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර, වෙඩි වැදී මියගිය වෙඩික්කරුගේ මෘතශරීරය ඉදිරි විමර්ශන සඳහා වෑතර රෝහලේ තැන්පත් කර ඇත.
