සංවර්ධන නිලධාරියාගේ රාජකාරියට බාධා කළ කාන්තාව අඩංගුවට

Report

ආපදා වන්දි සඳහා ඉල්ලුම් කිරීමේ සිද්ධියක් පාදක කොට ගනිමින් ඇති වූ ආරවුලකදී ආර්ථික සංවර්ධන නිළධාරියෙකුට සාපරාධී බළහත්කාරය පෑම යන චෝදනාව යටතේ නොරොචෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව ප්‍රදේශයේ දී කාන්තාවක අත්අඩංගුවට ගත් බැව් නොරොච්චොල පොලිසිය පවසයි. සැකකාරිය දලුව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවකි.

කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බළ ප්‍රදේශයට අයත් දලුව නිර්මපුර ග්‍රාමසේවා වසමේ සේවා පියස කාර්‍යාලය තුළ දී අද(9) දින මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු ආර්ථික සංවර්ධන නිළධාරියෙකි.

පාසල් ආරම්භය ගැන අවසන් තීරණය මෙන්න

පාසල් ආරම්භය ගැන අවසන් තීරණය මෙන්න

මෙම කාන්තාව විසින් වගා හානි පිළිබඳව වූ වන්දි අයදුම්පත් කිහිපයක් ඉදිරිපත් කිරීමේ දී අදාළ නිළධාරියා විසින් යම් පැහැදිලි කිරීමක් සිදු කොට ඇත. එම අවස්ථාවේ දී මෙම කාන්තාව විසින් පරුෂ හා අසභ්‍ය වචනයෙන් බැණ වැදී,පහරදීමට උත්සහ කළ බවට අදාළ නිළධාරියා විසින් පොලිසියේ පැමිණිල්ලක් සිදු කොට ඇත.

එම අවස්ථාවේ එම වසමේ ග්‍රාම නිළධාරිවරයා ද එහි සිට ඇත. සැකකාරිය පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. නොරොච්චාල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ.ජී.එම්.පී.විමල සිරි මහතා වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

උසස් පෙළ ඉතිරි විෂයන් පැවැත්වෙන දිනය ගැන දැනුම් දෙයි

උසස් පෙළ ඉතිරි විෂයන් පැවැත්වෙන දිනය ගැන දැනුම් දෙයි