කඩිනම් මැතිවරණයක් පවත්වන්න අගමැතිවරයා බල කළේ මෙහෙමයි - හදිසියේම ට්විටර් පණිවිඩයකුත් තබයි..

pakistan world news Sri lanka sinhala news today trending news Mr.imran khan
By krishani Apr 12, 2022 03:01 AM GMT
krishani

krishani

Report

පාකිස්තානයේ කඩිනම් මහ මැතිවරණයක් පවත්වන ලෙස විශ්වාසභංගයකින් බලයෙන් පහ කෙරුණු හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බල කර සිටිනවා.

ඔහුට සහාය පළ කරමින් රට පුරා උද්ඝෝෂණ රැල්ලක් ද පැන නැගී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

පාකිස්තාන තෙහෙරීක් - ඊ - ඉන්සාෆ් පක්ෂ නායකයා වන ඉම්රාන් ඛාන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, රටේ අග්‍රාමාත්‍යවරයා කවුරුන් ද යන්න තීරණය කිරීම ජනතාවට භාර දිය යුතු බවයි.

පෙශාවර් හි දී හෙට(13) දිනයේ දැවැන්ත රැළියක් පවත්වන බව ද ඔහු සදහන් කළා.

ඉම්රාන් ඛාන් තවදුරටත් කියා සිටින්නේ ඇමරිකාව ප්‍රමුඛ විදේශ බලවේග මගින් මෙහෙය වනු ලැබූ කුමන්ත්‍රණයක් හරහා තමා බලයෙන් පහ කෙරුණු බවයි.

ඔහුට එරෙහි විශ්වාසභංගය මෙහෙය වූ පාකිස්තාන විපක්ෂ නායක සහ මුස්ලිම් ලීගයේ නවාස් පාර්ශවයේ නායක ෂෙබාස් නවාස් පාකිස්තානයේ 23 වන අග්‍රාමාත්‍යවරයා ලෙස ඊයේ දිවුරුම් දුන්නා.

ඔහු තුන් වරක් පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ නවාස් ශරීෆ්ගේ සොහොයුරායි.

ෂෙබාස් නවාස්ට ලබන වසරේ ඔක්තෝම්බරයේ මහ මැතිවරණයක් පවත්වන තුරු අග්‍රාමාත්‍ය ධුරයේ රැදී සිටිය හැකියි.

කෙසේ නමුත් හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග පාකිස්තාන ජාතික සභාව හෙවත් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූයේ කඩිනම් මැතිවරණයකට බල කරමින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join