Youtube සහ Tiktok සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය වූ චීවරධාරියෙක් අත්අඩංගුවට ගනී.(VIDEO/PHOTOS)
ශ්‍රී විශ්ව බුද්ධ මුණි නමින් පෙනී සිටිමින් බුදු දහමට අපහාස වන අයුරින් හැසිරුණු චීවරධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.
Youtube සහ Tiktok සමාජ මාධ්‍ය හරහා මෙම චීවරධාරියා බුදු දහමට අපහාස වන අයුරින් හැසිරී ඇති බවට ලැබුණු පැමිණිලිවලට අනුව කලගෙඩිහේන ප්‍රදේශයේදී ඊයේ (12) දිනයේ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියා සිටියේ.
34 හැවිරිදි මෙම චීවරධාරියා රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පැවසෙන්නේ.
මෙම චීවරධාරියා විසින් සමාජ මාධ්‍යයේ මුදාහල වීඩියෝවක් පහතින්,

