කොණ්ඩෙ මොප් බ්‍රශ් එකක් වගේ වුණු පමණින් Miss World කිරුළ දිනාගත හැකිද?

Facebook Youtube Sinhala news Anudi Gunasekara miss world 2025
By Akash May 15, 2025 01:39 PM GMT
Akash

Akash

Report

මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ලෝක රූ රැජිණ තරඟාවලිය ගැන අන් කවරදාකටත් වඩා ලාංකිකයන් තුළ උනන්දුවක් සහ බලාපොරොත්තුවක් ඇති කරවන්න මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගී වෙන Anudi Gunasekara සමත් වී ඇති බව රහසක් නෙමෙයි.

හැබැයි ඒ අතරම සමහරු "මොප් බ්‍රශ් එකක් වගේ කොණ්ඩයක් තියෙන අය තමයි සාමාන්‍යයෙන් දිනන්නෙ", "ඔතනින් ඉන්න කැතම එකී තෝරලා දෙයි" වගේ අදහස් සමාජ මාධ්‍ය තුළ පළකරන ආකාරයත් දකින්න පුළුවන්. ඇත්තටම Miss World කියන්නෙ එහෙම දිනන්න පුළුවන් කිරුළක්ද කියන එක ගැනයි මේ සටහන. ලෝක රූ රැජිණ නැත්නම් Miss World තරඟාවලිය කියන්නෙ වසර 74 ක් පැරණි, ලොව තිබෙන පැරණිතම සහ ප්‍රමුඛතම රූ රැජිණ තේරීමේ තරඟාවලියයි.

සීගිරිය විනාශයකට උත්සාහයක්ද? විශාල උණ්ඩ තොගයක් සොයාගනී

සීගිරිය විනාශයකට උත්සාහයක්ද? විශාල උණ්ඩ තොගයක් සොයාගනී

රූ රැජිණ තරඟාවලියක් යනු බාහිර සුන්දරත්වය බලා, ලස්සනම කෙනා තේරීම වගේ සරල අදහසක් බොහෝදෙනා තුළ තිබෙනවා (ඉස්සරම ඒක තමයි වුණේ).

ඒත් කාලයාගෙ ඇවෑමෙන් රූ රැජිණ තරඟාවලි වලදී බාහිර ලස්සන යනු එක් සාධකයක් පමණක් බවටත්, ලස්සන වගේම පෞර්ෂත්වය, බුද්ධිමත් බව සහ සමාජ වගකීම වගේ ලක්ෂණත් රූ රැජිණකින් බලාපොරොත්තු වීම දක්වා මේ තරඟාවලීන් පරිවර්තනය වී තිබෙනවා.

ජනප්‍රිය ටික්ටොක් තරුවකට වෙඩි ප්‍රහාර (PHOTO)

ජනප්‍රිය ටික්ටොක් තරුවකට වෙඩි ප්‍රහාර (PHOTO)

වෙන මොන තරඟාවලියකදි නොකෙරුණත් Miss World වැනි Big Six Pageants වලට අයිතිවෙන තරඟාවලි වලදී මේ කරුණු සලකා බලනවාමයි. එහෙනම් කොහොමද Miss World තෝරන්නෙ? එය සිදුකරන්නෙ පියවර හෝ වට කිහිපයකට පසුවයි. ❇️ Miss World සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූලව පවත්වන ජාතික තරඟාවලියකින් ජයගත යුතුයි.

ලංකාවෙ නම් මේ වනවිට එය පවත්වන්නෙ සියත නාළිකාවේ සහ Model Shop ආයතනයේ මූලිකත්වයෙන් Siyatha Miss World Sri Lanka යන නමින්. ❇️ ලෝකෙ පුරාවට එලෙසින් ජයග්‍රහණය ලැබූ තරඟකාරිනියන්, එම වසරේ Miss World තරඟාවලියට සහභාගී විය යුතුයි.

සාමාන්‍යයෙන් වසරකදි මෙහෙම තරඟකාරිනියන් 80- 120 අතර පිරිසක් තරඟාවලියට සහභාගි වෙනවා. එහිදී මුලින්ම Opening Ceremony එකත්, ඉන්පසුව Charity Visits, Photoshoots, Dinners වගේම Interviews පවත්වනවා. මේවාගෙන් තරඟාකාරිනියන්ට ලකුණු ලබාදීමක් සිදුනොකළත් හොඳ first impression එකක් සහ image එකක් ගොඩනගා ගැනීමට මේවා වැදගත්.

විමල්ගෙන් ආන්ඩුවට කින්ඩියක්

විමල්ගෙන් ආන්ඩුවට කින්ඩියක්

❇️ Preliminary Rounds තරඟකාරිනියන්ට ලකුණු ලැබෙන්න පටන්ගන්නෙ මෙතැන් සිටයි. Prelims යටතේ යළිත් තරඟ වට කිහිපයක් පවත්වනවා.

🔹 Beauty With a Purpose- තරඟකාරිනියන්ගේ සමාජ වගකීම හෝ සේවය සලකා බැලෙන වැදගත්ම වටයයි.

🔹 Top Model- තරඟකාරිනියන්ගෙ නිරූපණ හැකියාව ඇගයීමට ලක්වෙන ramp වටය.

🔹 Talent Round- තරඟකාරිනියන්ගෙ ගායන, නර්තන, හෝ වෙනත් කුසලතා ඇගයීමට ලක්කරන වටය.

🔹Fitness Round- තරඟකාරිනියන්ගේ ශාරීරික සෞඛ්‍යය සහ කණ්ඩායම් හැඟීම් ඇගයීමට ලක්වෙන වටය.

🔹Multimedia Challenge- තරඟකාරිනියන්ගෙ සමාජ මාධ්‍ය භාවිතය සහ ජනප්‍රියත්වය සලකා බැලෙන වටය. මෙහිදී තරඟකාරිනියන්ට තමන්ගෙ සමාජ මාධ්‍ය පිටු සහ Miss World App එක තුළ ඇති ජනප්‍රියත්වය සලකා බැලෙනවා.

🔹People's Choice Award- තරඟකාරිනියන්ට Miss World App එක හරහා ලැබෙන public votes සලකා බලා ජනප්‍රියම තරඟකාරිනිය තේරීම. තරඟකාරිනියන් 120 ක් පමණ අතරින් මේ preliminary rounds ජයග්‍රහණය කරන හෝ ඉහළම ලකුණු ලබාගන්නා තරඟකාරිනියන් පිරිස Top 40 අතරට සුදුසුකම් ලබනවා. Beauty With a Purpose වටයේ ජයග්‍රාහිකාවට අනිවාර්යයෙන්ම Top 12 අතරට යන්න සුදුසුකම් ලැබෙනවා.

❇️ Head to Head Challenge තරඟකාරිනියන් දෙදෙනා බැගින්, කාලීන මාතෘකා ගැන මුහුණට මුහුණ කරන සංවාදයක් හරහා ඔවුන්ගේ speaking skills සහ බුද්ධි මට්ටම මැන බැලෙනවා. Public votes හෝ විනිසුරු මඬුල්ලේ තීරණය මඟින් මෙහි කාණ්ඩ වලට අනුව ජයග්‍රහණය ලබාදෙනවා. මේ වටයේ ජයග්‍රාහිකාවන් අනිවාර්යයෙන් Top 40 අතරට සුදුසුකම් ලබනවා.

❇️ මේ තරඟවටයන් වලට සහභාගී වීමට සමගාමීව තරඟකාරිනියන් විනිසුරු මඬුල්ලේ ඇගයීමට ලක්වීමත් සිදුකෙරෙනවා. ඉහත සඳහන් කළ තරඟවටයන් සහ Judge board interviews හරහා වැඩිම ලකුණු ගත් තරඟකාරිනියන් Top 40 වලට සුදුසුකම් ලබනවා. අවසන් මහා තරඟය පවත්වන දින වනවිට Top 40 තෝරා අවසන්.

❇️ අවසන් මහා තරඟයේදී Top 40 අතරට සුදුසුකම් ලබන තරඟකාරිනියන් Evening gowns වලින් සැරසී තමන්ව හඳුන්වා දීමත්, ඔවුන්ගේ BWAP ව්‍යාපෘතිය හඳුන්වා දීමත්, සමහරවිට කෙටි ප්‍රශ්න වලට උත්තර දීමත් සිදුවෙනවා. (2015 න් පසු Swimwear වටය Miss World තුළින් ඉවත් කරනවා). මේ වටයේදී තරඟකාරිනියන්ගේ poise, confidence, stage presence, elegance, public speaking සහ purpose වැනි අංග සලකා බලා ඔවුන් අතරින් Top 12 තෝරාගැනෙනවා (මෙහිදී Beauty With a Purpose කියන මාතෘකාව මොනතරම් වැදගත් භූමිකාවක් ඉටු කරනවාද කියා ඔබට වැටහෙනවා ඇති).

❇️ Top 12 අතරට තේරෙන තරඟකාරිනියන් යළිත් වරක් තමන්ගේ vision එක, cultural message එක සහ රූ රැජිණක් ලෙස තමන්ගෙ භූමිකාව වගේ දේ ගැන විස්තරයක් ඉදිරිපත් කළයුතු වෙනවා. එහෙමත් නැත්නම් onstage interview එකකට මුහුණදිය යුතු වෙනවා. තරඟකාරිනියන්ගේ Intellect, personality, purpose, communication, authenticity වගේ කරුණු සලකා බලා, ඒ අතරින් විනිසුරු මඬුල්ලේ ඉහළම ලකුණු ලබාගන්නා තරඟකාරිනියන් පස්දෙනා Top 5 අතරට සුදුසුකම් ලබනවා.

❇️ Top 5 අතරට තේරෙන තරඟකාරිනියන් පස්දෙනාට විනිශ්චය මණ්ඩලය සමඟ Final Q&A වටයකට මුහුණ දීමට සිදුවෙනවා. මෙහිදී තරඟකාරිනියන්ගේ Emotional intelligence, leadership, poise under pressure සහ inspiration වැනි දේවල්වලට අවධානය යොමුකර, විනිසුරු මඬුල්ලේ තීරණය මත ජයග්‍රාහිකාව සහ අනුශූරියන් තෝරනු ලබනවා.

Final Q&A වටයේදී තමන් ලබාදෙන පිළිතුර මත බොහෝදුරට තමන්ට කිරුළ ලැබෙනවද නැද්ද කියන එක තීරණය වෙනවා. (Miss Congeniality, Miss Personality, Continental Queens වගේ awards තිබුණත් ඒවාට ලකුණු හිමිවන්නෙ නෑ) එතකොට ලස්සන ??

🤔🤔 මේ සටහන මුල ඉඳන් අවධානයෙන් කියෙව්වා නම් මේ වෙද්දි ඔබට වැටහෙන්න ඕනි Miss World කියන්නෙ සමේ පාට හෝ මුහුණ බලා දෙන කිරුළක් නොවන බවත්, ඊට වඩා බොහෝ දේවල් පරික්ෂාවට ලක්වෙන තරඟයක් බවත්. ලස්සන කියන්නෙ සාපේක්ෂ දෙයක් නිසා කෙනෙක්ට ලස්සන කෙනෙක් තවත් කෙනෙක්ට ලස්සන මදි වෙන්න පුළුවන්. නමුත් මේ තරඟයට එන 120 ක් පමණ වන තරඟාකාරියන් සියලුමදෙනාට ඔවුන්ට ආවේණික ලස්සනක් තිබෙනවා.

එහෙම තිබෙන නිසා තමයි ඔවුන්ට තමන්ගෙ රට නියෝජනය කරමින් රූප රාජිණියක් විදිහට ලෝක රූ රැජිණ වේදිකාවට පැමිණෙන්න ඉඩකඩ ලැබෙන්නෙ.

එහෙම එන අයගෙ ලස්සන ගැන විවාදයක් නැති නිසා තමයි ලෝක රූ රැජිණ තරඟාවලියේදි ඊට වඩා ගැඹුරු වටිනාකම් ගැන සලකලා බලන්නෙ.

ඒක නිසයි කළු සමක් හෝ මොප් බ්‍රශ් එකක් වගේ කොණ්ඩයක් තිබූ පමණින්, වෙන මොන කිරුළක් දින්නත් Miss World කිරුළ දිනිය නොහැක්කේ. 1990 වසරේ සිට මේ දක්වාම එවැනි අප්‍රිකානු සම්භවයක් හෝ ලක්ෂණ තිබුණු තරඟකාරිනියන් Miss World කිරුළ දිනා ඇත්තේ තෙවරක් පමණයි. අනෙකුත් ප්‍රධාන තරඟවලත් තත්ත්වය ඒ හා සමානයි. Miss World වේවා, Miss Universe වේවා, වෙනත් Big Six pageant එකක් වේවා, කිරුළ හිමිවෙන්නෙ බොහෝදුරට මේ සියළුම සාධක සපුරන අයෙක්ටයි (කෙනෙක්ට කළු සමක් හෝ පොකුටු කොණ්ඩයක් තිබීම ඇයට කිරුළ හිමිවීමට නුසුදුසුකමක් නොවනවා වගේම විශේෂ වාසියකුත් නොවේ).

මෑතකාලීන උදාහරණයක් ගත්තොත්, 2017 වසරේ ඉන්දියාවෙ Manushi Chillar ලෝක රූ රැජිණ කිරුළ හිමිකරගන්නෙ ඇයට වඩා ලස්සන තරඟකාරිනියන් එහි නොසිටි නිසාවෙන්වත්, කළු අය හෝ මොප් කොණ්ඩ නොසිටි නිසාවෙන්වත් නෙමෙයි. Manushi, Beauty With a Purpose හා Head to Head Challenge වටවල ජයාග්‍රාහිකාවයි. Top Model වටයේ වගේම මුළු තරඟය පුරාවටම හොඳම ලකුණු ලබාගත් තරඟකාරිනියන් අතර උඩින්ම සිටීමයි. Final Q&A වටයේදී මුළු ලෝකයේම ඇගයීමට ලක්වෙන උත්තරයක් ලබාදුන් නිසයි. Manushi පමණක් නෙමෙයි, 2021 සහ 2014 වසරවල කිරුළ දිනාගත් Miss Poland සහ Miss South Africa ගේ ජයග්‍රහණත් ඒ හා සමානයි. එතකොට ඇයි ලංකාවෙ අපි මේ පාර අපේ Anudi ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නෙ? ලස්සන මූණක් තිබෙන නිසාද?

ඔව් ලස්සනයි තමයි, හැබැයි ලස්සනටත් වඩා එයාගෙන් මෙතෙක් කල් Miss World ගියපු කිසිම තරඟකාරිනියකගෙන් දකින්න නොලැබුණු සූදානමක් සහ කැපවීමක් දකින්න ලැබෙන නිසා. මෑතකාලීන අන් කිසිම තරඟකාරිනියකගෙන් දකින්න නොලැබුණු aura එකක්, poise එකක්, emotional intelligence එකක්, intellect එකක් දකින්න ලැබෙන නිසා. තමන් Beauty With a Purpose කෙනෙක් කියලා හදවතින්ම විශ්වාස කරන සහ Saheli Foundation එක හරහා ඒ වෙනුවෙන් සැබැවින්ම මහන්සිවෙන කෙනෙක් නිසා. ලංකාවට ගෞරවයක් ගේන්න සැබෑ උවමනාවක් තිබෙන නිසා. ලස්සන වගේම Miss World කිරුළ දිනාගන්න අවශ්‍ය පරිචය අනුදිට තිබෙනවා කියලා විශ්වාස නිසා. අන්න ඒ නිසයි මෙවර ලෝක රූ රැජිණ කිරුළ ලංකාවට අන් කවරදාකටවත් වඩා කිට්ටුයි කියලා දැනෙන්නෙ.... ඉතින් මෙච්චර කිව්වාට පස්සෙ ඔබ තවමත් හිතනවද මොප් බ්‍රශ් එකක් වගේ කොණ්ඩයක් තිබූ පමණින් Miss World කිරුළ දිනාගත හැකියි කියලා ??? 🤗 Poster credits: Jay Tissera

ReeCha