පළාත් පාලන ඡන්දය පැවැත් වෙනවද? නැද්ද? - තීන්දුව ප්‍රකාශ කරන දිනය මෙන්න.

Election Commission of Sri Lanka Basil Rajapaksa Dinesh Gunawardena Government Of Sri Lanka Local government Election
By Wayomi Feb 04, 2023 04:52 AM GMT
Wayomi

Wayomi

Report

පළාත් පාලන ඡන්ද විමසීම නියමිත දිනට පවත්වනවා ද, නැද්ද යන නිශ්චිත තීන්දුව ලබන 8 වන දා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසන්නේ.

ප්‍රකාශකයෙක් විසින් වැඩිදුරටත් සඳහන් කළේ, පොහොට්ටු කාර්යාලයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම් ඇතුළු පිරිසක් පසුගිය 1 වන දා හමුවූ මොහොතේ බැසිල් රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට දැඩිව අවධාරණය කර ඇත්තේ මැතිවරණය තියනවා ද නැද්ද යන ‘ආණ්ඩුවේ හරි මතය’ පවසන ලෙසයි.

ඒ අනුව එම අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා, බැසිල් රාජපක්ෂට පවසා ඇත්තේ, ලබන 8 වන දින ආණ්ඩු පක්ෂය රැස්වන අතර එහිදී ආණ්ඩු පක්ෂයෙන් මේ පිළිබඳ නිශ්චිත මතය හරියාකාරව දැනගෙන ඒ බව දැනුම්දීමට සූදානම් බවයි.

මැතිවරණය පැවැත්වීම පිළිබඳ තීන්දුව දීමේ සම්පූර්ණ අයිතිය මැතිවරණ කොමිෂන් සභාවට හා අධිකරණයට භාර තීන්දුවක් වුවත් අග්‍රාමාත්‍යවරයා, පළාත් පාලන ඇමතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන කටයුතු කරන හෙයින් මේ පිළිබඳ ආණ්ඩුවේ මතය අවශ්‍ය බව බැසිල් රාජපක්ෂ දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයාට අවධාරණය කර ඇත.

විශේෂයෙන් ම බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාගෙන් ඇතැම් දිස්ත්‍රික් සංවිධායකවරුන් පිරිසක් ඉල්ලා ඇත්තේ මෙම මැතිවරණය ටික කලකට කල් දැමීමට මැදිහත් වන ලෙස වුවත් බැසිල් රාජපක්ෂ ඒ පිළිබඳ මැදිහත් වීම තමාට කිසි ලෙසකින්වත් කළ නොහැකි දෙයක් බව පවසා ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW