සුවහසක් රසිකයින් ආදරයෙන් වැළඳගත් විජය කුමාරතුංගගේ පිළිරුවට ප්‍රහාරයක්?.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
මෙරට සුවහසක් රසිකයින්ගේ ආදරය දිනාගත් ප්‍රවීණ සිනමා නළු විජය කුමාරතුංග මහතාගේ පිළිරුව දෙහිවල පොදු වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට නිර්මාණය කර ඇත.
එම පිළිරුවෙහි මුහුණේ වම් ප්‍රදේශයේ කොටසක් කඩා වැටී ඇති අතර එය කිසියම් පුද්ගලයකු විසින් පිළිරුවට කළ ගල් ප්‍රහාරයක් නිසා බවට තොරතුරු වාර්තා වේ.
නමුත් ඒ සම්බන්ධයෙන් නිශ්චිතවම තහවුරු කර නොමැති බව දෙහිවල පොලීසිය සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දෙහිවල පොලිසිය විසින් සිදුකරනු ලබයි.
