Covid වලට බයේ සැමියා විසින් බිරිඳ හා දරුවන් දෙදෙනාට අවුරුද්දක කාලයක් සිදු කළ දේ ...

By Sewvandhi Dec 20, 2021 01:13 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ලබන වසරේ ජනවාරි මස 1 වන දා සිට පොදු ස්ථානවලට ඇතුළුවීමේදී කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට රජය තීරණය කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටු රැස්වීමට එක්වෙමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියා සිටියේ මේ මස අවසන්වීමට පෙර ගම්පහ දිස්ත්‍රික්කයට කොරෝනා තුන්වන මාත්‍රාව ලබාදී අවසන් කිරීමට ද උපදෙස් ලබාදී ඇති බවයි.

මේ අතර, කොරෝනා වෛරසයට බිය වී වසරකට අධික කාලයක් සැමියා විසින් බිරිඳ සහ දරුවන් දෙදෙනා නිවසේ සිරකර තැබීමේ පුවතක් ගලේවෙල - බඹරගස් වැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මේ හේතුවෙන් තමන් සහ දරුවන් දැඩි පීඩාවට පත්ව ඇති බව පවසමින් බිරිඳ මකුළුගස්වැව පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.      

මේ අතර, කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 10,144 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 557,326ක්.

තවදුරටත් පුද්ගලයින් 7074 දෙනෙකු රෝහල්ගතව සහ නිවෙස් තුළ ප්‍රතිකාර ලබනවා. එමෙන්ම, තවත් කොරෝනා මරණ 18ක් වාර්තා වීමත් සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද 14,752 දක්වා ඉහළ ගියා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now