ආනයනික ලුණු ‘කුණු’ වෙන ලකුණු

Government Of Sri Lanka India Latest Headlines Import Sinhala news
By Shehan Aug 16, 2025 01:25 AM GMT
Shehan

Shehan

Report

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමිතිවලට අනුව ආනයනික ලුණුවල අයඩීන් ප්‍රතිශතය 35%ක් විය යුතු වුවත්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) එය 40%ක් ලෙස නියම කර ඇත.

මෙම වෙනස් ප්‍රමිති හේතුවෙන් SLSI විසින් දැඩි ලෙස ලුණු තොග පරීක්ෂා කිරීම නිසා බහලුම් රැසක් වරායෙන් නිදහස් කරගැනීමට ආනයනකරුවන්ට නොහැකි වී ඇත.

ස්ථිර එකඟතාවයකින් තොරව නිමා වුණු ට්‍රම්ප් - පුටින් හමුව

ස්ථිර එකඟතාවයකින් තොරව නිමා වුණු ට්‍රම්ප් - පුටින් හමුව

ඉන්දියාවේ මුන්ද්‍රා වරායෙන් ප්‍රමාදව නැව්ගත කරන ලද ලුණු බහලුම් 400ක් (මෙට්‍රික් ටොන් 11,200) ජුනි 10 වැනිදාට පෙර නිසි කලට නැව්ගත නොවීම හේතුවෙන් ඒවා වරායෙන් නිදහස් කිරීමට රජය අවසර ලබා දී නැත.

ඒ අනුව, මෙම බහලුම් තොග ප්‍රති-අපනයනය කිරීමට සිදුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ පවසයි. ලුණු බහලුම් 101ක් ජුනි 10ට පෙර සතියකට ඉහතදී මුන්ද්‍රා වරායට භාරදී තිබුණත්, නැව්ගත කිරීමේදී ඇතිවූ ප්‍රමාදයක් හේතුවෙන් ඒවා මෙරටට ගෙන ඒමට අවසර හිමිවී නැත.

මෙම බහලුම් තොග අවස්ථා දෙකකදී නැවට පටවා ඇති බවත්, රජයේ ගැසට් නිවේදනයට අනුව ප්‍රමාදවී ආනයනය කරන ලද ලුණු තොග ප්‍රති-අපනයනය කළ යුතු බවත් සභාපතිවරයා සඳහන් කළේය. මෙම ලුණු තොග සඳහා ආනයනකරුවන් දැනටමත් මුදල් ගෙවා ඇති බැවින්, ඒවා ප්‍රති-අපනයනය කිරීමට සිදුවුවහොත් විශාල මූල්‍යමය පාඩුවක් දැරීමට සිදුවන බව ලුණු නිෂ්පාදකයන් සහ ආනයනකරුවෝ අවධාරණය කරති.

රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රජයෙන් වටිනා දෙයක් මෙන්න

රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රජයෙන් වටිනා දෙයක් මෙන්න

මෙම තත්ත්වය රටේ ලුණු සැපයුම් බිඳවැටීමටද හේතුවිය හැකිය. 2025 මැයි මාසයේදී රජය ලුණු අර්බුදයට විසඳුමක් ලෙස ලුණු ආනයනයට බලපත්‍ර අවශ්‍යතාව තාවකාලිකව ඉවත් කරමින් පෞද්ගලික අංශයට ලුණු ආනයනයට අවසර ලබා දුන්නේය.

එහෙත්, එම බලපත්‍ර කාලය ජුනි 10 වැනිදායින් අවසන් වූ අතර, එදින මධ්‍යම රාත්‍රි 12ට පෙර නැව්ගත කරන ලද ලුණු තොග පමණක් ආනයනයට අවසර ලබා දී තිබිණි.

ලුණු බහලුම් 400 නිදහස් කරගැනීම සම්බන්ධව ලුණු නිෂ්පාදකයන් රජය සමඟ සාකච්ඡා කර ඇති නමුත්, රජයේ ගැසට් නිවේදනයට අනුව ප්‍රමාදවී ආනයනය කරන ලද ලුණු තොග ප්‍රති-අපනයනය කළ යුතු බවට නිසි විසඳුමක් ලබාදී නැත.  

‘අදානි’ සමාගමට වෙන්කළ සුළං විදුලි බලාගාර ඉඩම් නැවත ටෙන්ඩර් කිරීමට සැලසුම්

‘අදානි’ සමාගමට වෙන්කළ සුළං විදුලි බලාගාර ඉඩම් නැවත ටෙන්ඩර් කිරීමට සැලසුම්

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්