දිස්ත්‍රික්ක කීපයක අදත් වැසි වාර කිහිපයක්
By Shehan
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනයට අනුව, අද (16) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.
වයඹ පළාතේ ස්වල්ප වැසි තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 40-50ක පමණ තද සුළං හමා යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.