නියෝජ්‍ය පොලිස්පතිගේ බිරිද නිධන් හාරලා? බිරිදව බේරගන්න පොලිස්පති තර්ක කරයි
නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳක් ඇතුළු අටදෙනෙකු අනුරාධපුර ප්‍රදේශයේදී නිධන් හෑරීමේ චෝදනාවකට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මේ ආකාරයට බිරිද ඇතුලු පිරිස අත්අඩංගුවට ගන්නා විට නියෝජ්‍ය පොලිස්පතිවරයා සිටියේ කොහෙද යන්න සහ ඔහු ද මෙම අපරාධය පිලිබදව දැන සිටියේද යන්න සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
එයට දුරකථන ජාල විශ්ලේෂණයක් යොදා ගන්නා බවද වාර්තා වේ. ඊට අමතරව අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් තම බිරිඳ නිදහස් කරන ලෙසට නියෝජ්‍ය පොලිස්පතිවරයා බලපෑමක්ද සිදු වූ බවද වාර්තා වේ.
එම තර්ජනය පසුපස ගොස් දුරකථන ඇමතුම ලබාදෙන විට නියෝජ්‍ය පොලිස්පතිවරයා සිටි ස්ථානය අසළ දුරකථන කුළුණු විශ්ලේෂණය මගින් විමර්ශනය මෙහෙයවීමටද පොලීසිය කටයුතු කරයි.
අත්අඩංගුවට ගත් තම බිරිඳ නිධන් හෑරීමකට නොපැමිණි බවත්, ඇය පූජාවක් සඳහා පැමිණි බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා තර්ක කළ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
නමුත් ඇය අනුරාධපුරයේ දේවාලයක කපුවෙකුගේ සහය නොගෙන පිටස්තර කපුවෙකු'ඇතුළු කණ්ඩායමක් සමග ඒම සැකයට හේතුවක් බව පොලීසිය පවසයි.
තවද මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා, තමාව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස හඳුන්වා දුන්නද, තවමත් ස්ථිර නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් නොවන බවත්, වැඩ ආවරණය කරන නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් බවත් පොලිස් තොරතුරු වාර්තා වේ.
දැනට ඔහු සේවයේ නිරතව සිටින්නේ ද නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර ජ්‍යෙෂ්ඨ නිිලධාරියෙක් සේවයේ නිරතව සිටිය යුතු ස්ථානයකයි. මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊයේ (14) උදෑසන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වැඩ භාරගැනීමේ උත්සව අවස්ථාවේද රැඳී සිට ඇති බව පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවේද අවධානය යොමුව තිබේ.
පොලිස්පතිවරයා මගින් මෙම සිදුවීම සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබාගැනීමට අපේක්ෂා කරන බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයෙක් සඳහන් කළේය .
එම වාර්තාව පදනම්කරගෙන නියෝජ්‍ය පොලිස්පතිවරයා තවදුරටත් ඔහු සේවයේ නිරතව සිටින ස්ථානයේ තබාගැනීම සුදුසුද නැද්ද යන්න ගැන තීරණයක් ගන්නා බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.