ස්ථිර එකඟතාවයකින් තොරව නිමා වුණු ට්‍රම්ප් - පුටින් හමුව

Donald Trump Vladimir Putin Russia Latest Headlines Sinhala news
By Shehan Aug 16, 2025 01:33 AM GMT
Shehan

Shehan

Report

රුසියාව සහ යුක්‍රේනය අතර සටන්විරාමයක් ඇතිකර ගැනීමේ අරමුණින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර ඇලස්කාවේ එල්මෙන්ඩෝර්ෆ්-රිචඩ්සන් හමුදා කඳවුරේදී ඊයේ (15) පැවති තීරණාත්මක සාකච්ඡාව කිසිදු ස්ථිර එකඟතාවකින් තොරව අවසන් වී ඇත.

මෙරට වේලාවෙන් අද (16) අලුයම මෙම සාකච්ඡාව අවසන් වූ බව වාර්තා වේ.

ලෝක බලවතුන් දෙදෙනා පැය 3කට ආසන්න කාලයක් මෙහිදී සාකච්ඡා කර ඇති නමුත්, ඒවායින් පසුව ප්‍රසිද්ධ ප්‍රකාශයක් හෝ ගිවිසුමක් ප්‍රකාශයට පත් නොකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නව රජයෙන් හැමෝටම පොදුවේ සමරන්න පුළුවන් දිනයක් මෙන්න

නව රජයෙන් හැමෝටම පොදුවේ සමරන්න පුළුවන් දිනයක් මෙන්න

ට්‍රම්ප් පවසා ඇත්තේ, “ගිවිසුමක් ඇති වන තුරු ගිවිසුමක් නැත” යනුවෙන් බවත්, දෙපාර්ශවයම ප්‍රවෘත්ති සාකච්ඡාවකින් තොරව කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු නොදී ඉවත්ව ගිය බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ධවල මන්දිරය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ සාකච්ඡාවෙන් පසු ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වෙන බවයි. එහෙත්, එවැන්නක් පැවැත්වීමට ට්‍රම්ප් හෝ පුටින් ඉදිරිපත් නොවූහ. යු

මෙම සාකච්ඡාවට යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිට ආරාධනා නොලැබීම විශේෂත්වයකි. ඒ හේතුවෙන්, සාකච්ඡාවට පෙර සිටම සෙලෙන්ස්කි පවසා තිබුණේ, තමන්ගේ සහභාගීත්වයකින් තොරව ගන්නා ඕනෑම තීරණයක් ඵලරහිත බවයි. යුක්‍රේනයට සහාය දක්වන යුරෝපීය රටවල්ද මෙයට එකඟ වෙමින්, යුක්‍රේනයේ එකඟත්වයකින් තොර ගිවිසුම්වලට තමන්ද එකඟ නොවන බව ප්‍රකාශ කර තිබිණි.

රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රජයෙන් වටිනා දෙයක් මෙන්න

රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රජයෙන් වටිනා දෙයක් මෙන්න

2022 පෙබරවාරි මාසයේ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් බටහිර රටකට සිදුකළ පළමු සංචාරය මෙය වේ. එසේම, අමෙරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් 2019න් පසුව මුහුණට මුහුණ හමුවූ පළමු අවස්ථාවද මෙයයි.

මෙම සාකච්ඡාව රුසියාවේ ඉල්ලීම මත ට්‍රම්ප් විසින් සංවිධානය කරන ලද අතර, ට්‍රම්ප් එහිදී පුටින්ට සටන්විරාමයකට එකඟ නොවුවහොත් “බරපතළ ප්‍රතිවිපාක” අත්විඳීමට සිදුවන බවට අනතුරු ඇඟවීය. එහෙත්, සම්පූර්ණ එකඟතාවකට එළඹීමට දෙපාර්ශවයටම නොහැකි වූ බව පෙනේ.ට්‍ 

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්