තුසිත හල්ලොලුවගේ වාහනේට වෙඩි තිබ්බ අය මාට්ටු...
Sri Lanka Police
Crime
Law and Order
Gun Shooting
Sinhala news
By Kaushi
තුසිත හල්ලොලුව මහතාගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා කරයි.
ඒ අනුව කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පහුගිය දා ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට පහරදීම සහ වෙඩි තැබීමේ සිද්ධියට අඳාළවයි.
පොලීසිය කියා සිටින්නේ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ (24) දින මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
ඒ මහරගම ප්‍රදේශයේදීයි.
ඒ අනුව අඳාළ සැකකරුවන් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන මැයි 29 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝගකර තිබෙනවා.
