අලවතුගොඩ තරුණියගේ ඇත්තම ඝාතකයා කවුද?. - සැරෙන් සැරේ ෆේස් බුක් ලොග්වීම සහ ශුක්‍රානු හා ගැන පරීක්ෂණයක්. (PHOTOS)
මීට මාස 07කට පෙර මහනුවර අලවතුගොඩ, ඇල්ල කඩේ ප්‍රදේශයේදී ගෙල සිර කර ඝාතනය කර පසුව කුඹුරක සගවා තිබූ තරුණියගේ ඝාතනය සම්බන්ධයෙන් තවමත් ගැටළු සහගත තත්වයන් මතු වී තිබෙනවා.
ඒ, අනුව ඇයගේ Facebook පිටුවට කිසිවෙකු හෝ නිරන්තරයෙන් පිවිසෙන බව පෙනීගොස් ඇති අතර ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස එම නඩුවේ විත්තියේ නීතිඥ අමිත් පෙරේරා මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.
පසුගිය 18 වෙනිදා එනම් පෙරේදා දිනයේ අදාල තරුණියගේ නඩුව මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී,විත්තියේ නීතිඥවරයා වැඩිදුරටත් අවධාරණය කරනු ලැබුවේ, මියගිය තැනැත්තියගේ ජංගම දුරකථනය මේ වනතුරු සොයා ගැනීමට නොහැකිව තිබෙන වාතාවරණයක් මත ඇය භාවිත කළ යූටියුබ්, වට්ස්ඇප්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවලට කිසිවෙකු විසින් ප්‍රවිෂ්ට වන බවට තහවුරු වී තිබෙනවා.
මේ අතර නීතිඥවරයා අධිකරණය හමුවේ වැඩිදුරටත් අවධාරණය කළේ, මෙම මරණය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇත්තේ, සියලු සාක්‍ෂි විනාශ වූවාට පසුව බවයි.
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ පොලීසිය පොලිස් නිල සුනඛයෙකු යොදවා සිදුකළ විමර්ශනයකින් පසු යුද හමුදාවෙන් ඉවත්ව සිටි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූවත්, ඉන් මාස 05කට පසු පොලීසිය විසින් එම ඝාතනයේ ප්‍රධාන සැකකරු වශයෙන් මියගිය තරුණියගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
එමෙන්ම අදාල තරුණිය භාවිත කළ තුවායේ ශුක්‍රාණු දැවටී ඇති බවත්, ඒ පිළිබඳ නිසි ලෙස අනාවරණය කර ගැනීමට DNA පරීක්‍ෂණයක් සඳහා මියගිය තැනැත්තියගේ ස්වාමිපුරුෂයා ඉදිරිපත් කිරීමට නියෝගයක් ලබාදෙන ලෙසද විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිට තිබෙනවා.




