වතු සේවකයන්ගේ පඩි අනිවාර්යයෙන් වැඩි කරනවා - ඇමති

Latest Headlines Sinhala news SriLanka News - Gagana
By Hashini Jul 25, 2025 02:42 PM GMT
Hashini

Hashini

Report

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රදීප් සුන්දරලිංගම් මහතා පවසන්නේ වතුකර ජනතාවගේ වැටුප් වැඩි කිරිමේ සාකච්ඡා මේවන විට වතු සමාගම් සමග පවත්වන බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැදිහත්වීමෙන් එම ජනතාවගේ දෛනික වැටුප රු.1700 දක්වා වැඩි කිරිමට කටයුතු කරමින් සිටින බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ හැටන් තොන්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථනයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

වීසා ෆ්‍රී රටවල් ලිස්ට් එක මෙන්න

වීසා ෆ්‍රී රටවල් ලිස්ට් එක මෙන්න

වතුකරයේ ජනතාවගේ නිවාස ගැටළුව විසදීමට වතුමන් රජය මේවන විට කටයුතු කරමින් සිටින බවයි වැඩි දුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රදීප් සුන්දරලිංගම් මහතා කියා සිටියේ.

ඉකුත් රජය සමයේ වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉදි කල නිවාස ඉදි කිරිම් කටයුතු සම්පූර්ණ කර නොමැති බවත්, එම නිවාසවල ඉතිරි ඉදි කිරිම් කටයුතුද වත්මන් රජය විසින් සිදු කර වතුකරයේ ජනතාවට ලබා දෙන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. 

අනේ දෙයියනේ - පාසලේ වහලේ කඩන් වැටිලා දරුවෝ 7ක් මියගිහින් 2ක් තාම දැඩි සත්කාරේ

අනේ දෙයියනේ - පාසලේ වහලේ කඩන් වැටිලා දරුවෝ 7ක් මියගිහින් 2ක් තාම දැඩි සත්කාරේ

ReeCha