හැමෝම බලන් ඉන්න කොළඹ පුරපති කවුද ... ඡන්දය 02 වැනිදා.....

Colombo Local government Election Sinhala news
By Hashini May 14, 2025 05:51 AM GMT
Hashini

Hashini

Report

ලබන මස 2 වැනිදා කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තේරීම සඳහා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

මෙම ඡන්ද විමසීම පවත්වනු ලබන්නේ පළාත් පාලන කොමසාරිස්වරයා විසිනි.

පුරපති ධූරය සහ නියෝජ්‍ය පුරපති ධූරයට සුදුස්සන් මෙසේ ඡන්දයකින් තෝරා ගැනීමට සිදුව ඇත්තේ කිසිම තනි පක්‍ෂයක් සියයකට පනහකට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන නැති හෙයිනි.

මෙම ඡන්ද විමසීමේදී සියයට 50කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා අපේක්ෂකයා නගරාධිපතිවරයා වීමේ හැකියාව පවතී.

දින 7ක් ඇතුලත නම් දෙන්න - මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්....

දින 7ක් ඇතුලත නම් දෙන්න - මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්....

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 48කි.

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයෙන් එම සභාවට සභිකයෝ 69 දෙනෙක් තේරී පත් වූහ.

වැඩි සභිකයන් විපක්ෂයේ සිටින හෙයින් ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර දැඩි තරඟයක් දැකගත හැකිය.

සමඟි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කරන්නේ සභිකයන් බහුතරය ඇති හෙයින් පාලන බලය ලබා ගැනීමට අයිතිය ඇත්තේ විපක්ෂයට බවයි.

නමුත් නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසන්නේ තනි පක්ෂයක් හැටියට වැඩිම සභිකයන් දිනාගෙන ඇත්තේ ජාතික ජන බලවේගය හෙයින් පාලන බලය පිහිටුවීමට වැඩි අයිතිය ඇත්තේ තම පක්ෂයට බවයි. 

දුර යන බස් විශේෂ පරික්ෂාවට

දුර යන බස් විශේෂ පරික්ෂාවට

ReeCha