ඔමික්‍රෝන් සම්බන්ධ WHO එකට වැරදීමක්.. හදිසියේම නිවේදනයක්.. ඉදිරියේදි ඔමික්‍රෝන් සුනාමියක්

By Sithumi Jan 08, 2022 10:25 AM GMT
Sithumi

Sithumi

Report

ඔමික්‍රෝන් දරුණු ප්‍රභේදයක් නොවේයැයි අර්ථ ගැන්වීමෙන් සිය සංවිධානය වරදක් කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ බව ප්‍රකාශ කළේ, ලොව නන්දෙසින් ඔමික්‍රොන් මරණ වාර්තා වෙමින් පවතින පසුබිමකය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩිනම් ගේබ්‍රියාසෙස් එහිදී සඳහන් කර තිබුණේ, "පෙර පැවති ප්‍රභේද මෙන් ඔමික්‍රෝන් නිසාත් රෝහල්ගතවීම් සහ මරණ වාර්තා වනවා. ඔමික්‍රෝන් සුනාමියට සූදානම් වෙන්න. එය ඕනෑම රටක සෞඛ්‍ය පද්ධතියට දරාගැනීමට නොහැකි තත්ත්වයක් ඇති කරාවි."

මේ අතර කොවිඩ් එන්නතක්කරණය සමග මෙරට මාතෘ මරණ වාර්තාවීම ඉතා පහළ මට්ටමකට පැමිණ ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පැවසීය.   

කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසුව පළමුවරට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ඔස්ට්‍රේලියාවෙන් එක් දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව වාර්තාවී තිබේ එය දැක්වුණේ ආසාදිතයින් 116,000 ඉක්මවා යෑමක් ලෙසය.

පවතින තත්ත්වය හමුවේ රෝහල් තදබදය අවම කරගැනීමේ අරමුණින් ප්‍රාන්තයට නැවතත් සංචරණ සීමා පැනවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now