පලාගිය කොරෝනා ආසාදිතයා හමුවූ තැන මෙන්න..

Corona
By Thaya Jan 22, 2021 07:18 PM GMT
Report

කටුනායක, වලානගොඩ ප්‍රදේශයේ තම නවාතැන් පොළෙන් පැනගිය කොවිඩ් ආසාදිතයා සොයා ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, අද (22) උදෑසන කටුනායක, 18 කණුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි.

පසුව ආසාදිතයා 1990 ගිලන්රථ සේවය මඟින් මීගමුව රෝහලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු පදවිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 25 හැවිරිදි ආසාදිතයා සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් අනතුරව කොවිඩ් ආසාදිත බවට තහවුරු විය.

ඒ අනුව එම පුද්ගලයා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා ගෙන යෑමට කටයුතු සුදානම් කර තිබිය ඊයේ දිනයේ දී පළාගොස් තිබුණි.