ඔබ යට ඇඳුම් ඇඳීම නැවැත්වූ විට ඔබේ ශරීරයට සිදුවන දේ.

By Wayomi Aug 31, 2022 06:08 AM GMT
Wayomi

Wayomi

Report

යට ඇඳුම් කියන්නේ අපිට නම් ඔක්සිජන් වගේ නැතුවම බැරි දෙයක්. ඇඳුම් නැතුව කොහෙවත් යන්නේ නැහැ. හැබැයි සමහරු නම් ගෙදරදී යට ඇඳුම් නැතුව ඉන්නේ හරිම සැහැල්ලුවෙන්. ඇත්තටම ඒක හොඳ දෙයක්. ඔබ දන්නවද? යට ඇඳුම් අඳින්නේ නැතුව සිටීමෙන් ඔබට සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ලබාගන්න පුළුවන් කියලා. එහෙම ඉද්දී පෞද්ගලික අවයවවල ආසාදන, තුවාල, කැසීම් වගේ තත්ව ඇති වෙන්නෙත් නැහැ.

යට ඇඳුම් නොඇඳීමෙන් ශරීරයට ලබාගන්න පුළුවන් ප්‍රතිලාභ මොනවද?


01. අම්ල පිත්ත ප්‍රවාහයට ගොදුරු වීමේ ඉඩ අඩුයි.

? යට ඇඳුම් වගේ තද ඇඳුම් මගින් ඔයාගේ බඩ ඉහළට තල්ලු කරනවා.

? මේ තත්වය අම්ල පිත්ත ප්‍රවාහයට හේතු වෙන්න පුළුවන්. ඇත්තටම මේ සෞඛ්‍ය ගැටලුව අවුරුදු 20-30 අය අතර සුලභ දෙයක්.


02. යීස්ට් ආසාදනය.

? ගොඩක් අයට දැනටමත් කැන්ඩිඩා කියන බැක්ටීරියාව ආසාදනය වෙලා ඇති.

? මේ බැක්ටීරියාව දකින්න ලැබෙන්නෙ කාන්තා ශරීරවලයි.

? සමහරුන්ට කිසිම දවසක රෝග ලක්ෂණ අත්විඳින්න ලැබුණෙ නැතත්, සංකූලතා ඇති වුණොත් එය යීස්ට් ආසාදනයකට හේතු වෙන්න පුළුවන්.

? කපු මගින් තෙතමනය රඳවා තබා ගන්නා අතර බැක්ටීරියා වර්ධනය සඳහා හොඳ පරිසරයක් නිර්මාණය කරන, යට ඇඳුම් නොඇඳීමට තීරණය කිරීමෙන් යීස්ට් ආසාදනය වීමේ සම්භාවිතාව අඩු කරගන්න පුළුවන්.


03. වඩාත් සුවපහසුවක් දැනෙන අතර දුර්ගන්ධය අඩුයි.

? යට ඇඳුම් නිසා ඒ අවයවවලට ගොඩක් දහඩිය දමනවා.

? මේ තෙතමනය නිසා දුර්ගන්ධය වැඩි වෙනවා.

? යට ඇඳුම් නොඇඳීමෙන් දහදිය වාෂ්ප වීමට ඉඩ සලසන නිසා එමගින් දුර්ගන්ධය අඩු වෙනවා.


04. බිකිනි කලාපය ආරක්ෂිත වෙනවා.

? ශරීරයේ පෞද්ගලික අවයව කොටස් හැදිලා තියෙන්නේ අපේ තොල්වලට සමාන සියුම් පටකවලින්.

? කෘත්‍රිම දේවල්වලින් හදපු යට ඇඳුම් සහ තද යට ඇඳුම් මගින් බිකිනි ප්‍රදේශය කෝපයට පත් කිරීමට, තුවාල කිරීමට සහ ආසාදනයක් ඇති කිරීමට ඉඩ තියනවා.

? යට ඇඳුම් ඉවත් කර ලිහිල් ඇඳුම් පමණක් ඇඳීමෙන් ඒ ප්‍රදේශ කෝපයට පත් වෙන්න තියන ඉඩකඩ අඩුයි.


05. රහස් ප්‍රදේශය සංවේදීතාවට සහ අසාත්මිකතාවලට ලක්වීම අඩුවෙනවා.

? පෑන්ටි ඇතුළු ගොඩක් ඇඳුම්වල කෘත්‍රිම රෙදි, වර්ණ සහ රසායනික ද්‍රව්‍ය අඩංගු වන නිසා, ඒවාට පහසුවෙන් අසාත්මික ප්‍රතික්‍රියාවක් නිර්මාණය කරන්න පුළුවන්.

? මේ ප්‍රතික්‍රියාව කෝපය, බිබිලි, කුෂ්ඨ, සහ ගැටිති ලෙස පෙන්නුම් කරනවා.

? යට ඇඳුම් අඳින්නෙ නැතුව හිටියොත් රහස් ප්‍රදේශයේ සංවේදීතාවය ආරක්ෂා වෙනවා.


06. පිරිමින්ටත් යට ඇඳුම් නොඇඳීමෙන් ලැබෙන ප්‍රයෝජන.

? මේක පිරිමින්ටත් එහෙමමයි.

? යට ඇඳුම් නොඇඳීමෙන් පෞද්ගලික අවයව ආසාදනයට පත් වීම සහ තුවාල වීම අඩු වෙනවා.

? එය ප්‍රජනක පද්ධතිය නීරෝගීව තබාගන්නත් උදව් වෙනවා. 



ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW