කොරියා රැකියා සිහින පෙන්වා රු. කෝට් 15ක් වංචා කළ සැකකරුවෙක් අල්ලයි
විදෙස් රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු තාරේකුලම් ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 41ක කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකරු කොරියාවේ රැකියා ලබාදෙන බවට පවසමින් පුද්ගලයින් 150කගෙන් රුපියල් කෝටි 15කට වැඩි මුදලක් වංචා කර ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.
සැකකරු සන්තකයේ තිබූ ජීප් රථයක්, ඉඩමක ඇටෝනි බලපත්‍රයක් සහ ජංගම දුරකථන දෙකක් පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇත.
කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.