තිරිඟු පිටි ගැන විශේෂ තීරණයක් - ගැසට් නිවේදනයක් ද නිකුත් කරයි.

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Jun 18, 2023 03:09 AM GMT
krishani

krishani

Report

UPDATE :

තිරිඟු පිටි අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව 2023 ජුනි 16 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 'නිශ්චිත භාණ්ඩ' යටතට ගෙන ඒමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

----------------------------------------------------------------

තිරිඟු පිටි මිල ගැන ආනයනකරුවන් කියන දේ..

තිරිඟු පිටි මිල වෙළෙඳපොළෙහි රුපියල් 40 කින් ඉහළ ගොස් ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ ය.

ඒ තිරිඟු පිටි ආනයනය තහනම් කර ඇති මොහොතක ඩොලරයේ මිල උච්ඡාවචනය මත පිටි මිල එලෙස ඉහළ දැමිය නොහැකි බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න කියා සිටියේ.