ලොවම දන්න හිටපු ජනපති ආර්යාව අත්අඩංගුවට

Report

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක්-යෙඕල්ගේ ආර්යාව වන කිම් කියොන්-හී, කොටස් වෙළඳපොළ මිල විකෘති කිරීම, මැතිවරණ මැදිහත්වීම් සහ අල්ලස් ඇතුළු දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත.

ඇගේ සැමියා වන හිටපු ජනාධිපති යූන් සුක්-යෙඕල් දැනටමත් රඳවා තබා ඇති අතර, මෙම අත්අඩංගුවත් සමඟ ඔවුන් දකුණු කොරියාවේ එකවර සිරගත කරන ලද පළමු ජනාධිපති යුවළ බවට පත්ව ඇත.

ගුරුවරුන්ට විතරක් නෙවෙයි මේ අයගෙත් මාරුවීම් වෙන්න ඕනේ මෙහෙම, එහෙම ඕනේ ඕනේ විදිහට නටපු කාලේ ඉවරයි

ගුරුවරුන්ට විතරක් නෙවෙයි මේ අයගෙත් මාරුවීම් වෙන්න ඕනේ මෙහෙම, එහෙම ඕනේ ඕනේ විදිහට නටපු කාලේ ඉවරයි

විදෙස් වාර්තාවලට අනුව, කිම් මහත්මියට එරෙහි චෝදනා අතර දකුණු කොරියානු ඉදිකිරීම් සමාගමකින් ලබාදුන් ඩොලර් 43,000ක වටිනාකමකින් යුත් වැන් ක්ලීෆ් ඇන්ඩ් ආර්පල්ස් පදක්කමක් (Van Cleef & Arpels Snowflake Pendant) රාජ්‍ය භාණ්ඩ වාර්තාවල සඳහන් නොකිරීම ද ඇතුළත් ය.

මෙම පදක්කම 2022දී යූන් සුක්-යෙඕල්ගේ යුරෝප චාරිකාවකදී කිම් මහත්මිය පැළඳ සිටි බවත්, එය එවකට අගමැති හැන් ඩක්-සූගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ බෑණනුවරයාගේ පත්වීමට සම්බන්ධ බවටත් චෝදනා එල්ල වී ඇත.

ශ්‍රී ලංකා යුධ හමුදාවට විරුද්ධව උතුරේ හර්තාල් - හේතුව අහලා බයත් හිතුනා

ශ්‍රී ලංකා යුධ හමුදාවට විරුද්ධව උතුරේ හර්තාල් - හේතුව අහලා බයත් හිතුනා

කිම් මහත්මිය මෙම පදක්කම 'ව්‍යාජ' බව පවසමින් චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. කිම් කියොන්-හී සහ යූන් සුක්-යෙඕල් දැනට වෙනම බන්ධනාගාරවල රඳවා සිටින අතර, කිම් මහත්මිය සෝල් නම්බු රැඳවුම් මධ්‍යස්ථානයේද, යූන් මහතා සෝල් රැඳවුම් මධ්‍යස්ථානයේද රඳවා ඇත.

මෙම අත්අඩංගුව සෝල් මධ්‍යම දිස්ත්‍රික් උසාවිය විසින් ඊයේ (12) රාත්‍රියේදී 'සාක්ෂි විනාශ කිරීමේ අවදානම'යන හේතුව මත අනුමත කරන ලදී. 

හෙට මේ පැති වලට පැය 10කට වතුර කපනවා - දැන්ම වතුර පුරවලා තියාගන්න

හෙට මේ පැති වලට පැය 10කට වතුර කපනවා - දැන්ම වතුර පුරවලා තියාගන්න