බන්ධනාගාර මෝර වාට්ටුවෙන් සොයාගත් දේ

Prison Sinhala news SriLanka News - Gagana
By Hashini Jun 04, 2025 03:54 AM GMT
Hashini

Hashini

Report

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ (සිආර්පී) පෙරේදා (2 වැනිදා) රාත්‍රියේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබෙනවා.

එම සෝදිසි මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය, ජංගම දුරකථන ඇතුළු උපාංග රැසක් සොයාගෙන තිබෙනවා.

බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ බන්ධනාගාර නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව රාත්‍රි දහයට පමණ හදිසියේ මෙම වැටලීම කර ඇති බවයි.

මේ ලග්න වලට වැල්ලෙත් බඹරේ කැරකෙන ධන යෝගයක් අද

මේ ලග්න වලට වැල්ලෙත් බඹරේ කැරකෙන ධන යෝගයක් අද

බන්ධනාගාරයේ එච් වාට්ටුව නොහොත් මෝර වාට්ටුව වශයෙන් හදුන්වන කොටසේ වැටලීම සිදුකර තිබුණු අතර එහි රැඳවියෝ 50 ක් පමණ රඳවා සිටිති.

එම ආරංචිමාර්ග කියා සිටියේ මෙම වැටලීමේදී අයිස්, හෙරොයින් හා කොකෙන් මත්ද්‍රව්‍ය පැකට් විශාල ප්‍රමාණයක්, ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් ඇතුළු ස්මාර්ට් ජංගම දුරකථන දෙකක් මෙන්ම, සාමාන්‍ය ජංගම දුරකථන 20 කට ආසන්න ප්‍රමාණයක්, දුරකථන ආරෝපණ 26 ක්, ජංගම දුරකථන බැටරි 15 ක්, දුම්කොළ 15 ක් හා මුදල් රුපියල් පහළොස් දහස් දෙසීය අසූවක් සොයාගෙන ඇති බවයි.

යළි රට වහනවද? නැද්ද? – ආණ්ඩුවේ තීරණාත්මක තීරණය අද

යළි රට වහනවද? නැද්ද? – ආණ්ඩුවේ තීරණාත්මක තීරණය අද

මෙම තහනම් භාණ්ඩ සොයාගෙන තිබුණේ බුද්ධි අංශ නිලධාරීන් ස්කෑන් යන්ත්‍ර යොදා සිදුකළ පරික්ෂාවේදී එච් වාට්ටුවේ සිවිලිම, වැසිකිළිය ඇතුළු ස්ථාන ගණනාවක ඉතා සූක්ෂම අයුරින් සඟවා තිබියදී.

වැඩිදුර පරීක්ෂණ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදුකරන අතර මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්, සංවිධානාත්මක අපරාධ මෙහෙයවීම් ආදී නීති විරෝධී ක්‍රියාවන් බන්ධනාගාරය තුළදී සිදුකර ඇතැයි සැකකරනු ලබනවා.   

 

තායිලන්ත ගණිකාව චෙක් කරන්න ලිංගික පෙදස ඇල්ලූ සේපාලගේ ඔලුව පලයි...

තායිලන්ත ගණිකාව චෙක් කරන්න ලිංගික පෙදස ඇල්ලූ සේපාලගේ ඔලුව පලයි...

ReeCha