ලංකාවේ එක්තරා ප්‍රදේශයක සිදුවන හදිසි මරණ ගැන කළ පරීක්ෂණයකින් අනාවරණය වූ දේ මෙන්න.

Hospitals in Sri Lanka Death
By Wayomi May 05, 2024 07:00 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය මාස 3ක කාලයක් තුළ බලන්ගොඩ ප්‍රදේශයේ සිදු කළ හදිසි මරණ පරික්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ, වයස අවුරුදු 30 -50 අතර මරණවලින් 70%ක පමණ ප්‍රමාණයක් මිය යන්නේ හෘදයාබාධ හේතුවෙන් බවයි.

විශේෂයෙන්ම තරැණ සහ මැදි වයසේ පසුවෙන පුද්ගයන් හෘදයාබාධ හේතුවෙන් මිය යෑමේ ප්‍රවනතාවය ඉහළ ගොස් ඇති බවයි එම දත්ත වලට අනුව තහවුරු වී ඇත්තේ.

එමෙන්ම තරුණ පුද්ගයන් සහ වයස අවුරුදු පනහ අඩු පුද්ගයන් අතර මතයක් පවතින්නේ ලේ පරික්ෂා කිරිම සිදු කළ යුත්තේ වයස්ගත වු පසුව බවද එම මතය වෙනස් විය යුතු බවද හදිසි මරණ පරික්ෂක වරයා පෙන්වා දෙනවා.

ඒ, අනුව පත්මෙන්ද්‍ර විජේතිලක මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ,වයස අවුරුදු 30ට වැඩි ඕනෑම පුද්ගලයකුට හදිසියේ ඇතිවෙන බඩ පපුව දැවිල්ල, ක්ලාන්තය ,සන්කුලතා වැනි තත්වයන් ඇත්නම් අනිවාර්යයෙන්ම ලේ පරික්ෂාවක් සහ ඊ සි ජිි ( ECG) පරික්ෂාවක් සිදු කරගත යුතු බවයි.

එමෙන්ම තරුණ පිරිස සහ මැදි වයසේ පසුවෙන එනම් වයස අවුරුදු 30-50 අතර පුද්ගයන් ඉහත කියන ලද හදිසි රෝගී තත්ත්වයන් සමඟ ඇති වෙන හෘදයාබාධවලින් ජිවිතය අරක්ෂා කර ගැනිම සඳහා වග බලා ගත යුතු බවයි ඔහු තව දුරටත් සඳහන් කළේ.

.............................................................................

May you Like