අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන නියෝජිතයන් බැද්දගානෙහි නිරීක්ෂණ චාරිකාවක... (PHOTOS)
By Parami Dissanayake
පළමු අන්තර්ජාතික තෙත්බිම් එකමුතුවේ ඕස්ට්‍රේලියානු නවසීලන්ත සහ ආසියානු සබැදි සමුළුව සඳහා සහභාගී වූ අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන නියෝජිතයන් බැද්දගාන තෙත්බිම් උද්‍යාන නිරීක්ෂණ චාරිකාවකට එක්වී තිබෙනවා.
ඒ අනුව, එම නියෝජිතයින් මේ දිනවල නියෝජිතයන් ලොව පළමු නාගරික තෙත්බිම් අගනගරය වන කොළඹ නගරාශ්‍රිත තෙත්බිම් නිරීක්ෂණය කරන බව ද සඳහන් වේ.
මෙහිදී ඔවුන් තලංගම වැව ආශ්‍රිත තෙත්බිම සහ බැද්දගාන තෙත්බිම් නිරීක්ෂණ චාරිකාවකට ද, දියසරු තෙත්බිම නිරීක්ෂණ චාරිකාවකට ද එක් ව ඇත.
එහි දී, එම නියෝජිතයින් තෙත්බිම් ආශ්‍රිත ජීවත් වන සතුන් සහ ශාක පිළිබදව ද අධ්‍යනය කර ඇති බව සඳහන් ය.
මෙහි දී, එම නියෝජිතයින් පෙන්වාදී ඇත්තේ, නාගරික තෙත්බිම්වල අවශ්‍යතාව්‍ය හඳුනාගනිමින් ඒවා සංරක්ෂණය හා කළමනාකරණය කළ යුතු බවයි.