බස්නාහිර පාසල් හෙට සිට ආරම්භ කිරීමෙන් පසුව පූර්ණ අධීක්ෂණයට ලක්කරනවා – PHI සංගමය

Police Western Province
By Thaya Mar 28, 2021 05:43 PM GMT
Report

සියලුම ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ පාසල් හෙට සිට යළි විවෘත කිරීමත් සමග මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් අඛණ්ඩව පාසල් අධීක්ෂණයට ලක්කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ පාසල් අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීම වෙනුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයේ සඳහා උපදෙස් එලෙසම ක්‍රියාත්මක කිරීම අනිවාර්යය බවයි.