සම්බුදු තෙමඟුල සමරන උතුම් වූ වෙසක් පුර පසලොස්වක් පොහොය දිනය අදයි..

Vesak Full Moon Poya Temple Trees Buddhism Vesak2024 Vesak Day
By Aruna May 23, 2024 12:44 AM GMT
Aruna

Aruna

Report

බෞද්ධ ජනතාව සමරන ප්‍රධාන ආගමික උත්සව අතුරින් වෙසක් උත්සවයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්.

එදිනට බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, සහ පිරිනිවන් පෑම හෙවත් තෙමඟුල සමරනු ලබන ලෝකවාසී බෞද්ධ ජනතාව ඒ වෙනුවෙන් විවිධ ආකාරයේ ආගමික වතාවත්වල නිරත වනවා.

සම්බුදු තෙමඟුල සමරන උතුම් වූ වෙසක් පුර පසලොස්වක් පොහොය දිනය අදයි.. | Wesak Full Moon Poyaday

වෙසක් පොහොය දිනයේ දී බුදුරජාණන් වහන්සේගේ තෙමඟුලට අමතරව ශාසන ඉතිහාසයේ තවත් වැදගත් සිදුවීම් රැසක් සිදු වී තිබීම නිසාවෙන්, වෙසක් පොහොය දිනයේ වැදගත්කම ගැන පැහැදිලි කි‍රීම වඩාත් වැදගත් ලෙස සැලකිය හැකියි.

වෙසක් පොහොය දිනයේ සුවිශේෂීම සිදුවන්නේ බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිදු වුණා.

වෙසක් පොහොය දිනය බෞද්ධ ජනතාව ඉතාමත් උත්කර්ෂවත් අයුරින් සැමරීමට ප්‍රධාන හේතුව වන්නේ සිදුහත් කුමරුගේ ඉපදීම, බුදුවීම සහ බුදුන්වහන්සේගේ පිරිනිවන් පෑම යන සම්බුදු තෙමඟුල වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක දී සිදුව තිබීම යි.

සම්බුදු තෙමඟුල සමරන උතුම් වූ වෙසක් පුර පසලොස්වක් පොහොය දිනය අදයි.. | Wesak Full Moon Poyaday

එදා ලුම්බිණි සල් උයනේ දී සිද්ධාර්ථ කුමාරයා ලෙසින් උප්පත්තිය ලැබූ බෝසතාණන් වහන්සේ ජීවිතය පිළිබඳව කලකිරීමෙන් පසුව 29 හැවිරිදි වියේ දී ගිහිගෙයින් නික්ම යෑම හෙවත් මහා අභිනිෂ්ක්‍රමණය සිදු කරන්නට වුණා.

ඉන් අනතුරුව වසර 6ක් දුෂ්කර ක්‍රියා කළත් බුද්ධත්වයට පත්වීමට හැකිවුණේ නැහැ.

නමුත් ඉන් පසුව අත්ථකිලමතානු යෝගය සහ කාම සුඛල්ලිකානු යෝගය අත් හැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ බෝසතාණන් වහන්සේ ටික කලකින් බුද්ධගයාවේ ඇසතු බෝධි මූලයේදී බුද්ධත්වයට පත්වුණා.

එලෙස බුද්ධත්වයට පත්වුණු අප මහා බුදුරජාණන් වහන්සේ වසර 45ක් ලෝක වාසීන්ගේ හිත සුව පිණිස කටයුතු කරන්නට වුණා.

සම්බුදු තෙමඟුල සමරන උතුම් වූ වෙසක් පුර පසලොස්වක් පොහොය දිනය අදයි.. | Wesak Full Moon Poyaday

එදා ලෝක වාසීන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කළ අප මහා බුදුරජාණන් වහන්සේ 80 හැවිරිදි වියේ දී පරිනිර්වාණය කළේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල් උයනේ දී යි.

මෙම තෙමඟුල සිදු වුණේ අදවන් (23) වෙසක් පුන් පොහෝදිනක දී බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ.

මෙම සම්බදු තෙමඟුල නිමිති කර ගනිමින් ලක්වාසී ලෝකවාසී බෞද්ධ සැදැවතුන් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් ගෙන් බුදුන් වහන්සේ පුදයි.

සම්බුදු තෙමඟුල සමරන උතුම් වූ වෙසක් පුර පසලොස්වක් පොහොය දිනය අදයි.. | Wesak Full Moon Poyaday

මේ අතර ශ්‍රී ලාංකීය ධරණීයතලයේ භික්ෂු, භිකෂුණී,උපාසක,උපාසකා යස සිව්වන පිරිස දාන,ශිල,භාවනා යන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සිදුකරමින්,සමාජ සේවා කටයුතු,දන්සැල්,පෙරහර,තොරණ,වෙසක් කූඩු ඇතුලු ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් සිදු කරන පුණ්‍යවන්ත වූ දිනයක් ලෙස අද දිනය සැලකිය හැකියි.

ලක්වාසී ලෝකවාසී සියලුම බෞද්ධ සැදැවතුන්ට උතුම් වූ වෙසක් මංගල්‍යයක් වේවායි ගගන අපගේ එකම ප්‍රාර්ථනයයි!!🙏🙏

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%