වෙන්නප්පුවේ වෙඩි තැබීම - තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Crime Death Gun Shooting Latest Headlines Sinhala news
By Shehan Sep 01, 2025 01:52 AM GMT
Shehan

Shehan

Report

වෙන්නප්පුව, වැව පාර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 26ත් 29ත් අතර පුද්ගලයින් දෙදෙනෙකු බව පොලීසිය සඳහන් කළේය. ඔවුන් අද (01) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයකින් 20 දෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයකින් 20 දෙනෙකු මරුට

මීට පෙර, එනම් ඊයේ (31) දිනයේ දී, මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිවෝල්වර් ගිනි අවියක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

වෙඩි තැබීමේ සිද්ධිය ඊයේ (31) පෙරවරු 10.30ට පමණ වෙන්නප්පුව, වැව පාරේදී සිදු වී ඇත. මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියකින් ගමන් ගත් දෙදෙනෙකුට පළමුව යතුරුපැදිය අනතුරකට ලක් කර, පසුව තියුණු ආයුධයකින් පහරදී වෙඩි තබා ඇත.

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න

මෙම සිද්ධියෙන් යතුරුපැදියේ ගමන් ගත් එක් පුද්ගලයෙකු තුවාල ලබා පළා ගොස් ඇති අතර, අනෙක් පුද්ගලයා වෙඩි වැදීමෙන් මියගොස් ඇත. මියගිය පුද්ගලයා, මහාධිකරණයේ පවතින නඩුවකට අදාළව වෙන්නප්පුව පොලීසියට අත්සන් කිරීමට පැමිණ, ආපසු යමින් සිටි අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව ඇත.

පොලීසිය වැඩිදුරටත් පවසන පරිදි, මියගිය පුද්ගලයාගේ නඩුව සම්බන්ධයෙන් සැප්තැම්බර් 09 වැනි දින අධිකරණ තීන්දුවක් ලැබීමට නියමිතව තිබිණි.

ඉන්ධන මිල පහලට - නව මිල මෙන්න

ඉන්ධන මිල පහලට - නව මිල මෙන්න