ජනපති අද යාපනයේ සංචාරයක

Jaffna Anura Kumara Dissanayaka Latest Headlines Sinhala news chemmani mass graves jaffna
By Shehan Sep 01, 2025 03:12 AM GMT
Shehan

Shehan

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) යාපනයේ සංචාරයක නිරත වන අතර, එහිදී ඔහු විවිධ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිතය.

ජනාධිපතිවරයාගේ න්‍යාය පත්‍රයට අනුව, අද පෙරවරු 8.30ට මයිලිට්ටි ධීවර වරායේ සංවර්ධන කටයුතු ආරම්භ කරනු ඇත.

ඉන් අනතුරුව, පෙරවරු 9.30ට යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විදේශ ගමන් බලපත්‍ර වැඩමුළුවක් ආරම්භ කිරීමට නියමිතය. එම අවස්ථාවෙන් පසු, ඔහු යාපනය මහජන පුස්තකාලය නැරඹීමට යාමට නියමිතය.

රාජ්‍ය ආයතනවල අනවශ්‍ය දෑ ඉවත් කිරීම අද සිට ඇරඹේ

රාජ්‍ය ආයතනවල අනවශ්‍ය දෑ ඉවත් කිරීම අද සිට ඇරඹේ

පස්වරු 1.30ට, මණ්ඩයිතීව් හි ඉදිකිරීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට ජනාධිපතිවරයා සහභාගි වනු ඇත. ඊට අමතරව, ඔහු තවත් උත්සව හා රැස්වීම් කිහිපයකට ද සහභාගි වීමට නියමිතය.

මෙම සංචාරයෙන් පසු, හෙට (02) මුලතිව් වෙත පැමිණෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, වට්ටුවගල් පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරනු ඇත. එමෙන්ම, පොල් ත්‍රිකෝණ කලාපයේ කටයුතු ද ආරම්භ කිරීමට නියමිතය. 

ඉන්ධන මිල පහලට - නව මිල මෙන්න

ඉන්ධන මිල පහලට - නව මිල මෙන්න

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

බැංකු රැසකින් ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

බැංකු රැසකින් ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්