හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අද යළිත් CIDයට

CID - Sri Lanka Police Latest Headlines Sinhala news gagana news Saman Ekanayake
By Shehan Sep 01, 2025 02:08 AM GMT
Shehan

Shehan

Report

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද (01) යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවා ඇත.

ඒ අනුව, ඒ මහතාට අද පෙරවරු 9:00ට CID හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

මෙම කැඳවීම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළ විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමේ අරමුණින් සිදු කර ඇත.

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

මීට පෙර ද ඒකනායක මහතා CID වෙත කැඳවා ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණි.

මේ අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට නිල ආරාධනයක් මත සහභාගී වූ බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා නැවතත් අවධාරණය කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 22 වැනිදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ අතර, පසුව ඔහු අගෝස්තු 26 වැනිදා ඇප මත මුදා හරින ලදී. 

ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයකින් 20 දෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයකින් 20 දෙනෙකු මරුට

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න

හදවතේ ගායකයා දමිත් අසංක අත්අඩංගුවට

හදවතේ ගායකයා දමිත් අසංක අත්අඩංගුවට