ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයකින් 20 දෙනෙකු මරුට

Afghanistan Earthquake Death Latest Headlines Sinhala news
By Shehan Sep 01, 2025 01:18 AM GMT
Shehan

Shehan

Report

ඇෆ්ගනිස්ථානයේ හටගත් ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රික්ටර් මාපකයේ 6.0ක තීව්‍රතාවයකින් යුත් මෙම භූ කම්පනය, භූමියේ කිලෝමීටර් 8ක ගැඹුරකින් හටගෙන ඇත. මෙම අනතුර හේතුවෙන් තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි. 

එරට බලධාරීන්ට අනුව, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක් කර ඇත. මෙම භූ කම්පනය හේතුවෙන් කාබුල් සිට පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද් දක්වා ගොඩනැගිලි රැසක් සෙලවී ඇති බවද වාර්තා වේ.

ඉන්ධන මිල පහලට - නව මිල මෙන්න

ඉන්ධන මිල පහලට - නව මිල මෙන්න

පළමු භූ කම්පනයෙන් පසු, රික්ටර් මාපක 4.5 සහ 5.2 තීව්‍රතාවයෙන් යුත් පසු කම්පන තුනක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙම භූ කම්පනයෙන් වඩාත් හානි සිදුව ඇත්තේ පාකිස්තානයට ආසන්න කුනාර් පළාතේ නොර්ගල් දිස්ත්‍රික්කයට ය.

මේ අතර, හදිසි තත්ත්වය හමුවේ තලේබාන් රජයේ නිලධාරීන් විවිධ සංවිධානවලින් ඉල්ලා ඇත්තේ, කඳුකර ප්‍රදේශවල ගලවා ගැනීමේ කටයුතු සඳහා සහාය ලබා දෙන ලෙසය. භූ කම්පනයෙන් පසු ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මාර්ග අවහිර වී ඇති බැවින්, ගලවා ගැනීමේ මෙහෙයුම් ගුවන් මගින් පමණක් සිදු කළ හැකි බව ආරක්ෂක නිලධාරීන් පවසයි.

 මේ හේතුවෙන්, එරට ආරක්ෂක අංශ ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා සිටින්නේ, සීමිත සම්පත් හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවලට පිවිසීමට ගුවන් යානා ලබා ගැනීමට සහාය වන ලෙසය.

ඉන්ධන මිල පහලට - නව මිල මෙන්න

ඉන්ධන මිල පහලට - නව මිල මෙන්න

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ