සියලු රාජ්‍ය ආයතනවල ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කිරීමට පියවර
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසන පරිදි, සෑම රාජ්‍ය ආයතනයකම ඇඟිලි සලකුණු යන්ත්‍ර ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.
අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, මේ වන විටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු බොහෝ රාජ්‍ය ආයතනවල ඇඟිලි සලකුණු යන්ත්‍ර සවිකර ඇති බවයි.
මෙම වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණ වන්නේ රාජ්‍ය ආයතනවල සේවකයන්ගේ පැමිණීම හා පිටවීම විධිමත් කිරීම මෙන්ම සේවයට වාර්තා කිරීමේදී ඇතිවන අක්‍රමිකතා අවම කිරීම බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.