දේශපාලන බලපෑම නීති ක්‍රියාත්මක කිරීමට පමණි - පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය

Sri Lanka Police Latest Headlines Current Political Scenario Priyantha Weerasooriya Sinhala news
By Shehan Sep 01, 2025 03:43 AM GMT
Shehan

Shehan

Report

ශ්‍රී ලංකා පොලීසියේ පොලිස්පතිවරයා වන ප්‍රියන්ත වීරසූරිය මහතා පවසන්නේ, වත්මන් දේශපාලන වටපිටාව තුළ දේශපාලන අධිකාරියෙන් පොලීසියට යම් බලපෑමක් ඇති බවත්, එම බලපෑම පවතින්නේ නිවැරදි කටයුතු සිදුකිරීමට සහ නීතිය ක්‍රියාත්මක කිරීමට පමණක් බවත්ය.

 ඔහු මේ බව පැවසුවේ සිරස රූපවාහිනියේ "ඉලක්කය" වැඩසටහනට එක්වෙමිනි.

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

එසේම, තමන්ගේ බලතල සීමා නොකර ඇති බැවින් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා උපරිම බලය ලබා ඇති බවත් ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකා පොලීසියේ දැක්ම වන සැමට සාමකාමී පරිසරයක් ගොඩනැගීමේ අරමුණ ක්‍රියාත්මක කිරීම තම එකම ඉලක්කය බවත්, එය ඉටුකිරීමට නොහැකි වුවහොත් එය තමන්ගේ අසමත්කමක් ලෙස පිළිගන්නා බවත් පොලිස්පතිවරයා පැවසීය.

අධිකරණ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා පොලීසියට ශක්තිමත් නීතිමය සහයක් ලබා ගැනීම සඳහා දක්ෂ නීතිඥයන් බඳවා ගැනීමට සහ ඔවුන් හරහා නඩු පවරා මෙහෙයවීමට සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

අහුවුණොත් ඉවරයි, මිනී මස් පණපිටින් කන බිහිසුණු පණුවෙක්

අහුවුණොත් ඉවරයි, මිනී මස් පණපිටින් කන බිහිසුණු පණුවෙක්

වැඩිදුරටත් අදහස් දක්වමින්, පොලිස් බඳවා ගැනීමේ සුදුසුකම් ඉහළ නැංවීමට තීරණය කර ඇති බවත්, ඒ අනුව ලබන වසරේ සිට පොලිස් කොස්තාපල් තනතුර සඳහා අ.පො.ස. උසස් පෙළ සමත්වීම අනිවාර්ය කරන බවත්, උප පොලිස් පරීක්ෂක තනතුරු සඳහා උපාධියක් අනිවාර්ය කරන බවත් ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

බැංකු රැසකින් ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

බැංකු රැසකින් ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

පාසල් විෂය මාලාවට 'කොන්ඩම්' ඇතුළත් වේ

පාසල් විෂය මාලාවට 'කොන්ඩම්' ඇතුළත් වේ