ලසන්තගේ ඝාතනයෙන් හිස්වූ වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ධුරය කාටද?

Report

වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගය නියෝජනය කරමින් චින්තක හේවාපතිරණ මහතා තේරී පත්ව ඇත  .

ඒ අද දින පැවැති ඡන්ද විමසීමේදීය. එහිදි ඒ මහතාට පක්ෂව ඡන්ද 22ක් සහ විපක්ෂව ඡන්ද 21ක් හිමිව තිබේ.

ඒ අනුව වැඩි ඡන්ද 1කින් එම ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජනබලවේගයට හිමිවිය.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර මහතාව ඉකුත් ඔක්තෝබර් 22 වනදා ප්‍රාදේශීය සභාවේ සභාපති නිලමැදිරිය තුළදී වෙඩිතබා ඝාතනය කෙරුණි ඉන් පසුව එම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය හිස්ව පැවතිණි .      

මෙන්න මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

මෙන්න මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

කොටිකම්බොක්ක අනවසර තිරුවානා කැණීම් ගැන ගත් දැඩි තීන්දුව

කොටිකම්බොක්ක අනවසර තිරුවානා කැණීම් ගැන ගත් දැඩි තීන්දුව