මෙන්න මුහුදු ප්රදේශ සඳහා කාලගුණ අනාවැකිය
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්රදේශ සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන් වනුයේ පොතුවිල් සිට මඩකලපුව සහ ත්රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල තැනින් තැන වැසි ඇතිවන බවයි.
ඒ වගේම දිවයින වටා වන සෙසු මුහුදු ප්රදේශවල සවස් කාලයේ හෝ රාත්රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සදහන් වී තිබේ.
සුළං ඊසාන දිශාවෙන් හමා එයි.සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ.
කළුතර සිට කොළඹ සහ පුත්තලම හරහා මන්නාරම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (45-50) දක්වා වැඩි විය හැකිය.
කළුතර සිට කොළඹ සහ පුත්තලම හරහා මන්නාරම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශ විටින් විට තරමක් රළු වේ.
ඒ අනුව දිවයින වටා වන සෙසු මුහුදු ප්රදේශ මද වශයෙන් රළුවන බව දැනුම් දී තිබේ ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව නිවේදනය කර තිබේ. එවිට එම මුහුදු ප්රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකිය.